ලක්දිව බුද්ධ ප්‍රතිමා ඉතිහාසය සහ එහි විකාශය
දර්ශනපති ප්‍රභාත් ගමගේ
දේවානම් පියතිස්ස රාජ්‍ය කාලයේ (ක්‍රි.පූ 247 - 207) එනම්
කි‍්‍ර.පූ. තෙවැනි සියවසේ ශ්‍රී ලංකාවේ බුදුපිළිම නිර්මාණය ඇරැඹුණු බව
සාහිත්‍ය මූලාශ්‍ර සඳහන් කරයි. දෙවන පෑ තිස් රජු විසින් ථූපාරාමයේ
පිහිටුවන ලද ශෛලමය බුදුපිළිමය පළමුවන ජෙට්ඨතිස්ස රජු (ක්‍රි.ව. 263 -
274) විසින් ථූපාරාමයෙන් ඉවත්කරවා පාචීන තිස්ස පබ්බත විහාරයෙහි තැන්පත්
කරන ලද බව මහාවංශය සඳහන් කරයි. මහාචාර්ය වල්පොල රාහුල හිමියන් මේ
සම්බන්ධයෙන් ප්‍රකාශ කර සිටින්නේ එම මහාවංශ ප්‍රකාශය සත්‍යයෙන් තොර
යැයි කෙළින්ම කිව නොහැකි බවයි.
දුටුගැමුණු රජුගේ (කි‍්‍ර.පූ 161 - 137) සමයේදී ඔහු විසින් කරවන ලද
රුවන්මැලි මහා සෑ ගර්භයේ රුවන්මය බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කළ බව
මහාවංශයේ සඳහන් වීමත් සමගම ලංකාවේ බුදු පිළිම ආරම්භය ක්‍රි.පූ. යුගයන්ට
අයත්බව සැළකීමට සිදුවේ.
මහාවංශයට අනුව ශ්‍රී ලංකාවේ මුල්ම බුදු පිළිමය දුටුගැමුණු රාජසමයේදී
සිදු වූ බව ප්‍රකාශ වෙතත් ජෙට්ඨතිස්ස ප්‍රවෘත්තියේ සඳහන් ශෛලමය බුද්ධ
ප්‍රතිමා ව ඊටත් වඩා පැරැණි බව පිළිගැනීමට සිදුවේ. ක්‍රි.ව. 10 වන
සියවස වන විට රුවන්මැලි සෑයේ නිධන් කළ බුදුපිළිමය පිළිබඳ තොරතුරු
වංසත්ථප්පකා සිනියේ දැක්වේ.
මහාවංශයේ දැක්වෙන පරිදි වසභ රජු (ක්‍රි.පූ 66 - 109) සමයේ බුදුපිළිම
හතරක් කර වූ බවත්, ඒවාට පිළිම ගෙවල් ද තනවා දුන් බවත් දැක්වේ. මෙම සමයේ
ඉන්දියාවෙන් ද ලෝකයේ ප්‍රථම බුද්ධ ප්‍රතිමා ව නිර්මාණය සිදුවීම නිසා
වසභ රාජ සමය වැදගත් කොට සැලකේ. මොහුට සමකාලීනව ඉන්දියාවේ කණිෂ්ක රජු
(ක්‍රි.ව. 78 - : 101) විසින් නිකුත් කරන ලද රන් කාසියක මුද්‍රිත ලොව
ප්‍රථම බුදුපිළිමය පිළිබඳ සාක්ෂි ලැබෙන බව මහාචාර්ය චන්ද්‍රා
වික්‍රමගමගේ් මහතා සඳහන් කරයි. (1995 අපේ සංස්කෘතික උරුමය - මධ්‍යම
සංස්කෘතික අරමුදල, කොළඹ - 309 පිටුව)
බුද්ධ ප්‍රතිමා නිර්මාණය මෙරට පහසුවෙන්ම ඇරඹෙන්නට එක් හේතුවක් වන්නට
ඇත්තේ එවකට පැවැති බුද්ධ සංකේත වන්දනයයි. මෙයට සමකාලීනව ඉන්දියාවේ
බුදුන් වහන්සේ වෙනුවට සංකේත වන්දනාව තදින් මුල්බැස ගෙන තිබීම මෙරටද
සංකේත වන්දනය ව්‍යාප්ත වන්නට හේතුවන්නට ඇත.
මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීන්ගේ අදහසට අනුව ආන්ද්‍රයන්ගේ ආභාෂය
හේතුවෙන් ලංකාවේ බුදුපිළිම නිර්මාණය ව්‍යාප්ත විය. අනුරාධපුර
මහඉලුප්පල්ලම ප්‍රදේශයෙන් සොයාගත් අඩි 06 ක් පමණ උසැති කිරිගරුඬ
ප්‍රතිමාව දක්නට ඇති ආන්ද්‍ර ශිල්පීය ලක්ෂණ හුවා දක්වමින් ඒ බව ඔහු
විසින් සනාථ කිරීමට යත්න දරයි. ආචාර්ය බෙන්ජමින් රෝලන්ඩ් මහතා ද
පරණවිතානයන්ගේ අදහස සනාථ කරමින් රුවන්මැලි සෑ බිමේ ආන්ද්‍ර ලක්ෂණ
පෙන්වන බුද්ධ ප්‍රතිමාවන් ගෙනහැර දක්වමින් ස්වකීය අදහස සනාථ කරවයි.
ඩී. ටී දේවේන්ද්‍ර, නන්දදේව විජේසේකර, ආචාර්ය සිරි ගුණසිංහ ආදි
විද්වතුන් ප්‍රකාශ කර සිටින්නේ බුදුදහම ලක්දිවට පැමිණි මුල් කාලයේ
බුදුපිළිම නිර්මාණය ඇරඹුණු බවකි.
ලක්දිව බුද්ධ ප්‍රතිමාවල ආරම්භය පිළිබඳ විවිධ මතිමතාන්තර පැවතියද, වංශ
කතා වල මෙන්ම ශිලා ලිපිවලද ජෙඨටතිස්ස රජුවිසින් පාචීන තිස්ස පබ්බත
විහාරයට ගෙන ගිය ශෛලමය බුද්ධ ප්‍රතිමා පිළිබඳව කරුණු සඳහන් වන බව
මහාචාර්ය චන්ද්‍රා වික්‍රම ගමගේ් මහතා පවසයි. ඒ අනුව උරුශිලා පටිමා,
මගසිලා පටිමා, සිලාසත්ථු, සිලා සම්බුද්ධ, සිලාමය මුණින්ද, සිලාමය
මහින්ද යන නම් ගෙනහැර දක්වයි. මෙම ප්‍රතිමාව පිළිබඳව මහසෙන් ධාතුසේන හා
පළමුවන කාශ්‍යප රජවරුන්ගේ කාලවලද සඳහන් වේ. ආසන ඝරය හා සිරිපතුල්ගල්
ආදී සංකේත වන්දනයත් සමගම ස්ථූප හා බෝධිය ලාංකේය ජනතාවගේ වන්දනයට පාත්‍ර
විය. ඉන් අනතුරුව කලකට පසුව වන්දනය සඳහා බුදුපිළිමය නිර්මාණය වූ බව
සත්‍යයකි. බෝධිඝරයක බුදුපිළිම තැන්පත් කිරීම මුල් යුගය් සිටම පැවත
එන්නකි. අභයගිරිය විහාර භූමියේ කුට්ටම් පොකුණ අසල ඇති සමාධි ප්‍රතිමා
වහන්සේ බෝධිඝරයක් සඳහා කරවන ලද පිළිමයකි. බෝධිය හා ස්ථුපය වටා බුද්ධ
ප්‍රතිමා හතරක් තැන්පත් කිරීම පිළිගත් සම්ප්‍රදායත් වන අතර එය හඳුන්වනු
ලබන්නේ මහායාන සංකල්පය අනුව ‘විශ්වව්‍යාපී ධර්ම කාය’ සංකේතවත් කිරීමක්
වශයෙනි. ප්‍රසිද්ධ සමාධි පිළිමය පිහිටා ඇති පැරැණි බෝධිඝරය පිහිටි
ස්ථානයේ ද එය වටා සතර දිශාවට මුහුණලා හිඳි ධ්‍යාන බුදු රූ හතරක්
තැන්පත් කර තිබූ බව ද සඳහන් ය.
අනුරාධපුර යුගයේ බුදුපිළිම කලා කෘතියක් වශයෙන් ඇගයීමට ලක් වී ඇත්තේ
ක්‍රි.ව. සිවුවන සියවසේ සිට ය. මීට පෙර බුද්ධ ප්‍රතිමා නිර්මාණය වූයේ
නැතැයි ඉන් අදහස් නොවුවත් උසස් කලාත්මක බවින් යුතු වීද යන්න සැක සහිතය.
පසුව ක්‍රි.ව. 4 හා 5 සියවස් වලට අයත් ශෛලමය බුද්ධ ප්‍රතිමා රැසක් හමු
වී ඇති අතර ඒවා බොහොමයක් හිටි හා හිඳි පිළිම විය.
බුදුපිළිම නිර්මාණය පිළිබඳව විමසා බැලීමේදී අනුරාධපුර යුගය කෙසේවත්
නොසළකා හැරිය නොහැක. එම යුගයේ බොහොමයක් බුද්ධ ප්‍රතිමා නිර්මාණ සිදුවීම
ඊට හේතුවයි. එම යුගයේ ඬර්මිත බුද්ධ ප්‍රතිමා වල දෙතිස් මහා පුරුෂ ලක්ෂණ
අසීත්‍යනුව්‍යඤ්ජන, කේතුමාලා, ව්‍යාමප්‍රභා ආදී ලක්ෂණවලින් යුක්තව
නිර්මාණය කිරීමට ශිල්පියා උත්සාහ ගෙන ඇත.
බුදුපිළිමයකින් අපේක්ෂා කරන ‘කාරුණික බව, මෛත්‍රීය’ ආදි සුවිශේෂ ගුණාංග
අනුරාධපුර සමාධි පිළිමය තුළින් විදහා දැක්වේ. නිර්මාණ ශිල්පියා මෙම
බුද්ධ ප්‍රතිමාවේ සිවුරු රැළි ආදී බාහිර ලක්ෂණ ගැන එතරම් අවධානයක් යොමු
කර නැති බව පෙනේ. විශේෂයෙන්ම සිවුර පොරවා ඇත්තේ සිරුරට ඇලුණු
ස්වභාවයකිනි. සිවුරු සිරුරෙන් වෙන්කර දක්වා ඇත්තේ දකුණු කිහිල්ල හා
තනමඩල යටින් අර්ධ කවාකාරව ගමන් කර වම් උරහිස මගින් දිවෙන සිහින් රේඛා
තුනකිනි. ඇතමුන් විසින් මෙම ප්‍රතිමාව තුළින් ගුප්ත හා මථුරා
සම්ප්‍රදායන් හි මිශ්‍ර ලක්ෂණ දිස්වන බව ඇතමුන් ප්‍රකාශ කළත් මෙය
ස්වාධීන වූත් දේශීයවූත් නිර්මාණයක් ලෙස සැළකිය හැකිය.
අනුරාධපුර තොලුවිලින් ලැබුණු දැනට කොළඹ කෞතුකාගාරයේ තැන්පත් කර ඇති
පිළිමය උසස් හිඳි බුද්ධ ප්‍රතිමාවක් ලෙස සැළකිය හැකිය. මෙම ප්‍රතිමාවද
වීරාසනයෙන් හා සමාධි මුද්‍රාවෙන් යුක්තයි. මෙමගින් බුදුන් වහන්සේගේ
දසබලධාරී ගුණය විදහා දැක්වේ. එමෙන්ම මහා කරුණාව හා ප්‍රඥාව මොනවට
පිළිබිඹු කරවයි.
අභයගිරියට නැගනහිරින් පන්කුලියෙන් ලැබී ඇති බුද්ධ ප්‍රතිමාව ද සුවිශේෂ
කොට සැලකිය යුත්තකි. එයද විරාසනයෙන් යුතු වූවත් මුද්‍රාවෙන් වෙනස් ය.
එය අභය හෝ විතර්ක මුද්‍රාව පිළිබිඹු කරවන බව පැවසේ. මෙම මුද්‍රාව සහිත
පිළිම දැනට හමු වී ඇත්තේ අභයගිරියෙන් පමණි.
තවද අනුරාධපුර වෙහෙරගලින් හමු වී ඇති ස්වර්ණලිප්ත ලෝකඩ බුදු පිළිමයත්,
අභයගිරි හිඳි පිළිමයත් අනුරාධපුර යුගයේ හිඳි පිළිම ගැන සැළකීමේදී විශේෂ
අවධානය යාමු කරවිය යුත්තකි. ඒවා ද විරාසනයෙන් හා සමාධි මුද්‍රාවෙන්
යුක්තයි. එහෙත් සිවුරු නිර්මාණය තරමක් වෙනස්ය. වෙහෙර ගොඩ හිඳ පිළිමය
තුළින් මහා කරුණා ගුණය මැනවින් පිළිබිඹු කරවයි. බුදු සිරුරේ ශාරීරාංග
මැනවින් නිර්මාණය කර ඇත.
මීළඟට අපගේ අවධානය යොමු කරන්නේ හිටි පිළිම කෙරෙහිය. විශාල මධ්‍යම හා
කුඩා යන ප්‍රමාණයන්ගෙන් යුත් හිටි බුද්ධ ප්‍රතිමා රාශියක් දැනට හමු වී
ඇත. අනුරාධපුර පුරා විද්‍යා කෞතුකාගාරයේ ඒවා බොහොමයක් දැනට තැන්පත් කර
ඇත.
හිඳි ප්‍රතිමා මෙන් නොව හිටි බුද්ධ ප්‍රතිමා නිර්මාණය කෙරෙහි ෂ;ද්ශීය
ආභාෂය ලැබුවාට කිසිම සැකයක් නැත. ලෝකයේ පැරැණිම හිටි පිළිමය ලෙස සළකනු
ලබන්නේ පැරැණිි සේද මාර්ගයේ පිහිටි ඇෆ්ඝනිස්ථානයේ බාමියන් නිම්නයේ ඇති
අඩි 175 හා අඩි 120 උසැති සුවිශාල බාමියන් ශෛලමය බුද්ධ ප්‍රතිමාවන්ය.
සේද මාර්ගය ඔස්සේ ලංකාව සමග පැවැති වාණිජමය සබඳතා හේතු කොට ගෙන මෙරට
හිටි පිළිම නිර්මාණය උදෙසා බාමියන් පිළිමවල ආභාෂය ලබන්නට ඇතැයි සිතිය
හැකිය. විශේෂයෙන්ම අඩි 39.9 ක් පමණ උසැති රැස් වෙහෙර හිටි ශෛලමය
පිළිමයේ දැක්වෙන ලක්ෂණ අනුව බලන විට බාමියන් ලක්ෂණ පිළිබිඹු කරන බව
පෙනේ. මුද්‍රාව අභය මුද්‍රාව වුවත් එය ස්වාභාවික තත්ත්වයෙන් තරමක් ඈත්ව
ගොස් දකුණු අත්ල ඉදිරියට දක්වා ඇති බවක් පෙනේ.
ධාතුසේන රජු විසින් නිර්මාණය කරවන ලද අවුකන හිටි බුදුපිළිමය අනුරාධපුර
යුගයට අයත් සුවිශේෂ වූ ප්‍රතිමාවකි. කෝනිගල ග්‍රැනයිට් ලෙස හඳුන්වනු
ලබන රතට හුරු කලු ගලක උසින් අඩි 38.10 කින් යුතුවන මෙම හිටි පිළිමය
නිර්මාණය කර ඇත. චූලවංශයේ සඳහන් ‘කාලසේල සත්ථ’ හෙවත් කලුගල් පිළිමය මෙය
බව සැලකේ. මෙම බුද්ධ ප්‍රතිමාවේ උෂ්ණීසය හොඳින් මතුකර ඇත. ඒ මත සවිකර
ඇති සිරස්පත පසු කලෙක සවිකරන ලද්දකි. කෙස් රොද කදිමට දකුණට කැරකෙන
අයුරින් සකසා ඇත. අභය මුද්‍රාවෙන් යුක්තයි. වම් අතද වැළමිට ළඟින් නැමී
උරහිස මට්ටම තෙක් ඉහළට එසවී ඇත. එහි පිටි අත්ල ඉදිරිපස ට දක්වා අත්ල හා
ඇඟිලි ඇතුළට නැවී උරහිස දෙසට යොමු කොට ඇත. එය තර්තටත මුද්‍රාව ලෙස
ඇතමෙක් හඳුන්වති. වම් උරය හා වම් අතද වැසෙන ලෙස සිවුර පොරවා ඇත. අඳනයේ
වාටිය සිවුර යටින් දක්වා ඇත. රුහුණේ මාලිගා විල හිටි පිළිමයද සුවිශේෂ
වූ හිටි පිළිමයකි. චූලවංශයේ සඳහන්වන පරිදි එය පළමුවන දප්පුල රජු විසින්
නිර්මාණය කරවා ඇත. උසින් අඩි 34 ක් පමණ වන දර්ශනීය හිටි බුදු පිළිමය
චන්ද්‍රකාන්ත පාෂාණයෙන් නිර්මිතයි. ඉහත පිළිමයේ ලක්ෂණවලින් හෙබි මෙම
පිළිමය බුදුන් වහන්සේගේ් මහා කාරුණික ගුණය හා ප්‍රඥාව මොනවට පිළිබිඹු
කරවයි.අනුරාධපුර යුගයටම අයත් තවත් හිටි බුද්ධ ප්‍රතිමාවන් දෙකක්
වැල්ලවායේ බුදුරුවලින් හා බණ්ඩාරවෙල දෝවන නමැති ස්ථානයෙන් හමු වී ඇත.
තවද අනුරාධපුර වෙහෙරගලින් හමු වී ඇති අඟල් 26 ක් උස ස්වර්ණාප්ත ලෝකඩ
පිළිමයත් කුරුණෑගලින් හමු වී ඇති අඟල් 19 ක් උසැති ලෝකමය හිටි පිළිමයත්
තවත් සුවිශේෂ වූ නිර්මාණයන් දෙකකි. මෙම පිළිම දෙතෙහිම දකුණත ඇ¼ඟිලි
තරමක් ඇතුළට හකුලුවා ඇත. මෙහි මුද්‍රාව අභය හෝ වරද මුද්‍රාව යුතුªයැයි
සැලකේ.
අනුරාධපුර මුල් අවධිය වනවිට ඔත් පිළිම හෙවත් සැතපෙන පිළිම වලට වැදගත්
තැනක් හිමිව නොතිබිණි. එහෙත් අනුරාධපුර මැද භාගය වනවිට ගලින් හා
ගඩොලින් නිර්මාණය කළ ඔත් පිළිම කිහිපයක් පිළිබඳව වාර්තා වේ. ඒවා අතර
පිදුරංගල, තන්තිරිමලය, මැදිරිගිරිය, ආදි ස්ථානවල පිහිටි ප්‍රතිමාවන්
වැදගත් කොට සැළකිය හැකිය. අනතුරුව පොළොන්නරු යුගයේදී බිහි වූ බුද්ධ
ප්‍රතිමාද එක්තරා කලාත්මක බවකින් යුතු ඒවා ලෙස සැලකිය හැකිය.
විශ්ෂයෙන්ම උත්තරා රාමය හෙවත් ගල් විහාරයේ බුද්ධ ප්‍රතිමා වලට
හිමිවන්නේ විශිෂ්ට වූ ස්ථානයකි. කෙසේ වෙතත් පොළොන්නරු යුගයෙන් පසුව
ලක්දිව බුද්ධ ප්‍රතිමා කලාව ක්‍රමයෙන් පිරිහෙන්නට විය. ගම්පොළ මහනුවර
යුගයන් වන විට ඉදිකිරීම් මාධ්‍යයද වෙනස් වු අතර දැව අච්චු භාවිත කර
බදාම ආලේපිත බුද්ධ ප්‍රතිමා ඉදිවන්නට විය. ස්ථාන කිහිපයක පමණක් ගලින්
බුදුපිළිම ඉදිවිය. ඒවා අතර ගඩලාදෙණිය හිඳි පිළිමය, ගංගාරාම හිටි
පිළිමය, දෙගල්දොරුවේ හා දඹුල්ලේ සැතපෙන පිළිම සුවිශේෂ ස්ථානයක් ගන්නා
නිර්මාණ වෙයි.
අවසාන වශයෙන් කිවයුත්තේ ලක්දිව පුරා විසිරී පැතිරී පවතින දහස් ගණන් වූ
හිටි බුදු පිළිම, හිඳි බුදුපිළිම හා ඔත් පිළිම මඟින් බුදුදහමේ
ස්ථාවරත්වය හා බෞද්ධ කලා ශිල්පයේ වැදගත්කම අතිශයින් සුවිශාල බවය. |