මල්වතු - අස්ගිරි මහා විහාරයන්හි උපසම්පදා පූජෝත්සවය
මහනුවර මල්වතු අස්ගිරි මහා විහාරයන්හි වාර්ෂික උපසම්පදා පුණෝත්සවය
වෙසක් පුර පසළොස්වක පෝදා සිට පොසොන් පුර පසළොස්වක පෝය දින දක්වා
චාරිත්‍රානුකූලව සිදු කෙරේ. සියම් මහ නිකායේ මල්වතු මහා විහාර
පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නාහිමිපාණන්
වහන්සේ සහ සියම් මහා නිකායේ අස්ගිරිය මහා විහාර පාර්ශ්වයේ මහානායක
උඩුගම ශ්‍රී රතනපාල බුද්ධරක්ඛිත මහ නාහිමිපාණන් වහන්සේ විසින් නිකුත්
කර ඇති උපසම්පදා ප්රකාශයන්හි ඒ බව සඳහන් වේ.
ඉතිරිය»
ආනන්ද මහ රහතන් වහන්සේ
සම්මා සම්බුුදුරජාණන් වහන්සේ මැදින් මස පුරපසළොස්වක් දිනෙක කාළුදායි
මහරහතන් වහන්සේගේ ඇරියුමෙන් කිඹුල්වත් පුරගමන ඇරැඹූ සේක. වෙසක් පුන් පෝ
දිනෙක කිඹුල්වතට වැඩි උන්වහන්සේ යමාමහ පෙළහර පෑම් ආදියෙන් දහම් වැසි
වස්වා ශාක්‍යයන්ට ධර්මාවබෝධය ලබාදුන්හ. ශ්‍රී බුද්ධ ඓශ්වය්යය දුටු
ශාක්‍යයෝ, ස්වභාවයෙන් ම මානාධික බැවින් ‘අපගේ බුදුරජාණන් වහන්සේ
පිරිවරා සිටිය යුත්තේ ශාක්‍ය කුමාරවරුමය’ යන තීරණයක් සම්මත කරගත්හ.
එහි ප්‍රතිඵලයක් ලෙස පන්සියයක් ශාක්‍ය රජකුමාරවරු රජසැප හැරදමා
බුදුසසුනේ පැවිදිභාවයට පත්වූහ. එම පන්සීය අතුරින් කෙනෙක් ආනන්ද කුමරු.
භගු කිම්බිල ආදි පිරිස සමඟ පැවිදි වූ ආනන්ද හිමියෝ සෝවාන්ඵලයට
පත්වූසේක්, අග්‍රෝපස්ථායක තනතුර ප්‍රධානව අගතනතුරු ලබාගෙන බුදුරදුන්
සමීපයෙහිම වැඩ සිටිමින් බුදු සසුන බැබලවූ බව අංගුත්තර නිකායේ ඒතදග්ග
පාළියේ සඳහන් වේ.
ඉතිරිය»
ධර්ම දේශනාව:
රැස් කළ යුතු දේ
නමෝ තස්ස භග වතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
්රකිංසු යාව ජරා සාධූ - කිංසු සාධු පතිට්ඨිතං
කිංසු නරානං රතනං - කිංසු චොරෙහි
දූහරන්ති
සීලං යාව ජරා සාධූ - සද්ධා සාධූ පතිට්ඨිතා
පඤ්ඤා නරානං රතනං - පුඤ්ඤං
චොරෙහිදූහරන්ති
සැදැහැබර පින්වත,
අද ධර්ම දේශනාව සඳහා මම තෝරා ගත්තේ සංයුක්ත නිකායට අයත් ජරා වර්ගයේ ජරා
සූත්‍රයයි. මෙම සූත්‍රයට අනුව දෙවියෙකු විසින් අසන ලද ප්රශ්නාවලියකට
පිළිතුරු වශයෙන් මේ දහම් කරුණු ඉදිරිපත් කොට ඇත. දිනක් බුදුරදුන්
හමුවීමට පැමිණෙන දෙවියෙක් ප්‍රශ්න කීපයක් මෙහි පළමු ගාථාව අනුව අසයි.
මෙහි දෙවන ගාථාවෙන් එම ප්‍රශ්නවලට පිළිතුරු සැපයූ අයුරු පෙන්වා දෙයි.
ඉතිරිය»
සියම් මහා නිකායේ ශ්‍රී රෝහණ සංඝ සභාවේ වාර්ෂික
උපසම්පදා උළෙල
මැයි 08-11 දක්වා මාතර දී
සියම් මහා නිකායේ ශ්‍රී රෝහණ සංඝ සභාවේ වාර්ෂික උපසම්පදා පුණ්‍ය
මහෝත්සවය මැයි මස 08 වනදා සිට 11 වනදින දක්වා මාතර නගරයේ කොටුවේගොඩ,
පරෙයිදුව, රන්දුපත ශ්‍රී රෝහණ සංඝ සභා මූලස්ථානයේදී පැවැත්වේ.
ඉතිරිය»
|