UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ඓතිහාසික ගල්පිහිල්ල රජමහා විහාරය

කන්ද උඩරට මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ දුම්බර මිටියාවතේ පාතදුම්බර උඩගම්පහ කොරළේ කුණ්ඩසාල මැතිවරණ කොට්ඨාසයේ පිහිටි රාජ රාජ මහාමාත්‍යාදීන්ගේ නොමසුරු දායකත්වයෙන් සුසැදි මහනුවර ඓතිහාසික මල්වතු මහා විහාරයට සම්බන්ධ මහනුවර යුගයේ මුල් සමයට අයත් ඓතිහාසික විහාරස්ථානයකි ගල්පිහිල්ල රජමහා විහාරය.

රාජ්‍ය වර්ෂ 1707 දී රාජ්‍යත්වයට පත් නරේන්ද්‍රසිංහ රජතුමා තුළ වැවයි දාගැබයි සංකල්පය මගින් ඉස්මතු වූ අපේ බෞද්ධ සංස්කෘතිය අනුව කන්ද උඩරටට මහනුවර රාජ්‍ය සමයේදී කඳුහෙල් නිසා වැවක් බැඳීමට නොහැකි දුෂ්කර ප්‍රදේශයක හූරිකඩුව පරැණි විහාර මළුවේ අඹගස් මුලක් අස්සෙන් මතුව දිය පහරක් දුටුයෙන් එම ජල සම්පත පිළිබඳව සතුටක් ඇතිවිය.

හුරිකඩුව විහාරාධිපති හුරීකඩුවේ සෝභිත ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ හමු වූ රජතුමා මේ දිය දහර පිළිබඳව දැනගෙන බොහෝ කාලයක් තිස්සේ, මේ අයුරෙන්ම ජල ධාරාව ගලායන බව වටහා ගෙන ඉතා පෞරාණික අඹ ගසක් යටින් මතුවන මේ ජල පහර අඟල් 8ක් පමණ කුහරයකින් යුත් සිදුරකින් සමන්විත අරලිය කොටයක් තුළින් ලබාගෙන ඒ ජලය ගලින් සකස් කරන ලද පිහිල්ලක මාර්ගයෙන් පිටතට ගෙන හුරී කඩුව විහාරස්ථානයේ ප්‍රයෝජනයටත් සෙසු ජලය බණ්ඩාර ඇල, රත්මල්ඔය යන ජල මාර්ගයන්ට සම්බන්ධ කොට දුම්බර මිටියාවතේ කෘෂිකර්මාන්තය දියුණු කිරීමටත් උදාරතර ප්‍රයත්නයක්, එදා සිංහල කලාකරුවාගේ සහජ දක්ෂතාවය සමඟ පැරණි ඉංජිනේරු ශිල්පයේ විස්කම් කදිමට විදහා දක්වන සිංහල කලා ශිල්පයේ අභිමානය කරන ශ්‍රේෂ්ඨ කලා වස්තුවකි. මෙම ඓතිහාසික ගල් පිහිල්ල, මෙම ගල්පිහිල්ල ඉදිකිරීමෙන් පසු හුරී කඩුව පුරාණ විහාරය, හුරීකඩුවේ ගල් පිහිල්ල රජමහා විහාරය බවට පරිවර්තනය විය. රා.ව. 1795 වනවිට මේ ඉපැරණි විහාරස්ථානය ජරා ජීර්ණව ටැම්පිට විහාරයද ගරා වැටිණි.

මේ සංවේගකර තත්ත්වය දුටු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ අග්‍රාමාත්‍ය මීගස්තැන්න අධිකාරම්තුමා රජතුමාගේ් උපදෙස් පරිදි අක්කර 5ක් පමණ ඉඩම සහිත ස්වකීය වලව්ව සංඝාවාසයක් බවට පත්කොට යාර 200ක් පමණ ඈතින් පිහිටි ඇම්පිට විහාරයේ පෙති පිළිම ආදිය තැන්පත් කොට දැනට පවත්නා විහාරය පොහොය සීමාවකින් සමන්විතව ඉදිකළ බව ඓතිහාසික වාර්තාවල සඳහන් වේ.

ඒ සමඟම ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා හුරිකුඩුවේ නිතුලේතැන්නේ ගොඩ ඉඩමද විහාරස්ථානයේ ප්‍රයෝජනය සඳහා පූජා කළේය.

දැනට පවතින ගල්පිහිල්ල රජමහා විහාරය සමීපයේ සිට යාර 200ක් දුරින් කුඹුරුවලට යට වී ඇති පුරාණ ගල්පිහිල්ල රජමහාවිහාරයේ ටැම්පිට විහාරයේ නටබුන් හා බෝධිරාජයාණන් වහන්සේ සහිත ගලින් නෙලන ලද ඓතිහාසික පිහිල්ල පමණක් දැකබලා ගැනීමට ඉතිරිව ඇති අතර මීගස්තැන්න අධිකාරම්තුමා ස්වකීය වලව්ව සංඝාවාසයක් බවට පත්කිරීමෙන් පසු අක්කර පහක් පමණ වු එම භූ®මියෙහි ඉදිකරවන ලද පොහොය සීමාව සහිත විහාර මන්දිරයත් චෛත්‍යරාජයාණන් වහන්සේත් අද දක්වාම පවතී.


නව විහාර මන්දිරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ


පුරාණ ගල් පිහිල්ල පිහිටි ස්ථානයේ ඉපැරැණි බෝධින් වහන්සේ


ත්‍රිපිටකය ඇතුළත් පැරැණි පුස්කොළ පොත් වහන්සේ


පැරැණි විහාරයේ උළුවස්සක්

දුරුතු අමාවක 

 පෝය පෙබරවාරි 06 වනදා බදාදා පූර්ව භාග 09.27 ට ලබයි.
7 වනදා බ්‍රහස්පතින්දා පූර්වභාග 09.14 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 06 වනදා බදාදාය.

මීළඟ පෝය
පෙබරවාරි 14 වනදා බ්‍රහස්පතින්දාය


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

පෙබරවාරි 06

First Quarterපුර අටවක

පෙබරවාරි 14

Full Moonපසෙලාස්වක

පෙබරවාර 20

Second Quarterඅව අටවක

පෙබරවාර 29

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]