බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)
 
	
		
			
				
 
					
						
						
						බොදු පුවත් (ඡායාරූප)
						 | 
					 
					
						| 
						 
						   | 
					 
					
						| 
						 වාද්දුව තල්පිටියේ දළදාවත්ත පුරාණ 
						මහා විහාරයේ බෝධීන් වහන්සේ වටා ඉදිකළ රන්වැට සහ අටවිසි 
						බුද්ධ ප්‍රතිමා වහන්සේ විවෘත කිරීම පසුගියදා සිදු කැරිණි. 
						විහාරාධිපති තල්වත්තේ ඉන්දජෝති හිමියන්ගේ සහ තල්පිටියේ 
						චන්දරතන හිමියන්ගේද අනුශාසනා පරිදි ඒ නිමිත්තෙන් විශේෂ 
						පින්කමක්ද සිදු කැරිණි.  
						සේයාරුව - ඩබිලිව් .එම්. එන්.වි. විජේනායක වාද්දුව සංචාරක  | 
					 
					
						| 
						 
						   | 
					 
					
						| 
						 පානදුර- පරත්ත - චිත්ත භාවනා 
						මධ්‍යස්ථානයේ අභිනව චෛත්‍යරාජයාණන් වහන්සේගේ කොත් වහන්සේ 
						පැළඳවීම හා නිරාවරණය කිරීම පසුගියදා සිදු කැරිණි. එම භාවනා 
						මධ්‍යස්ථානාධිපති , ශාස්ත්‍රපති දොඩන්දූවේ සිරිකර 
						නාහිමියන්ගේ අනුශාසනා පරිදි පානදුර කෙසෙල්වත්ත නිමල් කුරේ 
						මහතා ඇතුළු පවුලේ ඤාතීන් ගේ ධනයෙන් ඉදි කරවන ලද චෛත්‍යය 
						අමරපුර නිකායේ මහානායක මහෝපාධ්‍ය පණ්ඩිත අම්බලන්ගොඩ සුමංගල 
						මහ නාහිමියන්ගේ සුරතින් නිරාවරණය කැරිණි.  | 
					 
					
						
						  | 
					 
					
						| 
						 මැනික්හින්න මල්වාන 
						ශ්‍රී ගංගාතිලක සුදර්මෝදය පිරිවෙන් විහාරස්ථානයේ පැවැති 
						කඨින පින්කමේදී විහාරාධිපති පොල්ගොල්ලේ රාහුල හිමියන්ගේ 
						ආචාර්යත්වයෙන් දරුවෝ අට දෙනෙක් පැවිදි බිමට පත් වූහ. උඩරට 
						අමරපුර මහානිකායේ මධ්‍යම පළාතේ ප්‍රධාන සංඝනායක අරත්තන 
						ශ්‍රී ඥානිස්සර හිමියන්ගේ හා වරදිවෙල ශ්‍රී විජයසුමන 
						හිමිවරුන්ගේ ආචාර්යත්වයෙන් එම දරුවෝ අට දෙනා පැවිදි බිමට 
						ඇතුළත් වූහ. එලෙස පැවිදි බිමට පත් වූ ත්‍රිකුණාමලයේ 
						පියරතන, මැදමහනුවර නාරද, හපුගස්කුඹුරේ සුශීල , 
						හපුගස්කුඹුරේ පියවිසුද්ධි , උඩදුම්බර නන්දරතන, උඩදුම්බර 
						සංකිච්ච , හපුගස්කුඹුරේ සමිත, හපුගස්කුඹුරේ කුසලධම්ම යන 
						හිමිවරු හා විහාරාධිපති පොල්ගොල්ලේ රාහුල හිමියන් 
						සේයාරුවෙන් දැක්වේ. 
						ඡායාරූපය - කරල්ලියද්ද සමූහ ආර්. ජී. විජේසිරි  | 
					 
					
						
						  | 
					 
					
						| 
						 කොළඹ තරුණ බෞද්ධ 
						සංගමය විසින් 2007 නොවැම්බර් මස 10 දින පැවැත්වූ එහි 109 
						වන වාර්ෂික මහා සභා රැස්වීම ආරම්භයේදී , සංගමයේ සභාපති 
						ප්‍රසන්න ගුණතිලක මහතා හා හිටපු කැබිනට් අමාත්‍ය යූ.බී. 
						විජේකෝන් මහතා චාරිත්‍රානුකූලව පොල්තෙල් පහන දැල්වූ 
						අවස්ථාව ඡායාරූපයෙන් දැක්වේ. උප සභාපතිවරුන් වන දේශබන්ධු 
						තිලක් ද සොයිසා , රාජාකුරුප්පු , ඩී.එස්. පී. එස්. ද 
						සිල්වා යන මහත්වරු සමඟ ප්‍රධාන ලේකම් සුමේධ අමරසිංහ මහතා ද 
						පසෙකින් සිටී.  | 
					 
					
						
						  | 
					 
					
						| 
						 හම්බන්තොට අඩි 100 
						පාර අභිනව සිංහගිරි විහාරය විවෘත කිරීමේ උළෙල 
						විතාරන්දෙණියේ වජිරවංශ හිමියන්ගේ අනුශාසනා පරිදි 
						තිස්සමහාරාම රජමහා විහාරාධිපති දේවාලේගම ධම්මසේන 
						නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කැරිණි. එහිදී 
						ලංකා බැංකුවේ සභාපති ගාමිණී වික්‍රමසිංහ මහතා අතින් 
						සිංහගිරි විහාර සංඝාවාසය විවෘත වූ අයුරු ඡායාරූපයෙන් 
						දැක්වේ. එම අවස්ථාවට ජලසම්පාදන අමාත්‍ය මහින්ද අමරවීර, 
						ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්, එස්.පී. ආනන්ද , දකුණු පළාත් 
						සභා මන්ත්‍රී අජිත් රාජපක්ෂ, හම්බන්තොට යුද හමුදා අණදෙන 
						නිලධාරී දිනේෂ් මුතුකුඩ, ධර්ම විජය පදනමේ කළමනාකාර කර්නල් 
						ජාලිය නම්මුනි යන මහත්වරුද සහභාගී වූහ.  | 
					 
					 
			 
			  | 
	 
     
				 | 
				
				
					
						 | 
					 
					
						
 
	
		
			
	
		| 
					 උඳුවප් පුර 
					අටවක 
					  
					උඳුවප් පුර අටවක පෝය දෙසැම්බර් මස 17 වැනිදා සඳුදා පූර්ව භාග 
					04.21 ට ලබයි. 
					18 වැනිදා අඟහරුවාදා පූර්ව භාග 03.05 දක්වා  
					පෝය පවතී. 
					සිල් සමාදන්වීම දෙසැම්බර්  
					17 වැනිදා සඳුදාය . 
  මීළඟ පෝය දෙසැම්බර්  
					23 වැනිදා ඉරිදාය.  | 
	 
	
		
  | 
	 
	
		
		
			
				
					
          | 
				 
				
		| 
		 
		 පුර අටවක  | 
							 
				
		| 
		දෙසැම්බර් 17 | 
							 
				
		| 
		 
		 පසෙලාස්වක  | 
				 
				
		| 
		දෙසැම්බර් 23 | 
								 
								
		| 
		 
		 අව 
		අටවක  | 
					 
				
		| 
		දෙසැම්බර් 31 | 
						 
						
		| 
		 
		 අමාවක  | 
						 
				
		| 
		ජනවාරි 07 | 
					 
						 
					 
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
 | 
					 
					
						 | 
					 
				 
				 |