| 
			 
			 
			 
			 
			 
			 
			නාමල්තලාවේ පින්කම් රැසක්
			
			 
			අම්පාර නාමල්තලාව ශ්‍රී ශෛලබිම්බාරාමයේ දී දෙසැම්බර් 17 වැනි දා දවස 
			පුරා පින්කම් රැසක් සිදු කිරීමට විහාරාධිපති ගම්පහ නාරද හිමියන් ඇතුළු 
			සංවිධායක කමිටුව කටයුතු යොදා ඇත. එදිනට නියමිත වැඩසටහන් අතර ඇස් 
			කණ්නාඩි දහසක් බෙදා දීම, ප්‍රදේශයේ දහම්පාසල්, පාසල් පුස්තකාල සඳහා 
			ධර්ම ග්‍රන්ථ බෙදා දීම, විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් විසින් පවත්වනු ලබන 
			වෛද්‍ය සායනය, ගර්භනී මාතාවන්ට දිවා ආහාර වේලක් සහ පෝෂණ මල්ලක් ලබා 
			දීම, රෝද පුටු සහ කිහිලිකරු බෙදා දීම ආදිය ඇතුළත් වේ. 
			එදින පෙරවරු 9.00 සිට පැවැත්වෙන එම පින්කම් වලට අමතරව බණ්ඩාරවෙල 
			අමිතානන්ද හිමියන්ගේ ධර්මදේශනාවක් එදින සවස 4.30 ට පැවැත් වේ.  |