සපුගස්කන්ද පුරාණ
ශ්‍රී මහා විහාරස්ථානය
ආචාර්ය
පියසිරි පී. මීගොඩ
පොළොන්නරුව ගල් විහාරයේ සැතපෙන බුදු පිළිමයේ අනුරුවට ඉදිකර ඇති
පිළිම වහන්සේ |
සපුගස්කන්ද රජමහා විහාරයේ හිඳි බුද්ධ ප්‍රතිමා වහන්සේ |
කොළොම්පුර සිට කිරිබත්ගොඩ නගරයෙන් දෙල්ගොඩ මාර්ගයේ මද දුරක් යන විට බියගම
ආසනයේ ශීඝ්‍රයෙන් දියුණු වන මාකොළ නව නගරය හමුවෙයි. කැලණි විහාර මාර්ගය
ඔස්සේ ද මෙහි ළඟා විය හැකි ය. සපුගස්කන්ද පෞරාණික උරුමයන්ට සම්බන්ධකම්
පවතින ග්‍රාමයකි. මෙහි සපුගස් බොහොමයක් තිබුණු හෙයින් මේ නම යෙදෙන්නට
ඇතැයි විශ්වාස කෙරේ. මේ බව සංකේතවත් කැරෙන වට අඩි තුනක පමණ එක් සපුගසක්
පමණක් මේ දක්වා පැරැණි ධර්මශාලාව අභියස විරාජමානව පවතී. අක්කර දහයක පමණ
රුක්ලතාවන්ගෙන් ගහණ මනරම් පරිසරයක පිහිටි අක්කරයක පමණ සුවිසල් ගල්
තලාවකි. මෙම ශිඛරය අතිශයින් වාසනාවන්ත ය. පුණ්‍යවන්ත ය. එසේ නොවේ නම්
මෙම ශෛලරාජයා සපුගස්කන්ද පුරාණ රාජමහා විහාරය, බුදුකුටිය, බෝධීන්
වහන්සේ, ධාතු මන්දිරය, ලැඟුම් ගේ, ධර්ම ශාලා වැනි පුණ්‍ය වස්තූන් දරා
සිටීද? සැබවින්ම බොදු ජනතාව මෙම අසිරිමත් පින්බිම දෙනෙතින් දැකබලා
වන්දනා කළ යුතුම සිද්ධස්ථානයකි.
මෙම මහා ශිඛරය තවත් මහා පුණ්‍ය කර්මයකට ඉඩ සලසමින් දක්ෂිණ පාදයේ නව
සුවිසල් පිළිම වහන්සේ සතර නමකට තම පිට පූජා කර ඇත. එය දැකුම්කළු
දර්ශනයකි. පිළිම වහන්සේ සඳහා දැවැන්ත ආධාරකයක් වශයෙන් මෙම පර්වත රාජයා
නොසැලී සිටියි.
ඓතිහාසික තොරතුරු
විහාරස්ථානය සතුව පවතින ජාතක පොත් වහන්සේ 1667 දී ලේඛන ගත කිරීමේ දී
සපුගස්කන්ද සිද්ධස්ථානය පිළිබඳව ද සඳහන් කර ඇත. එසේම වර්ෂ 1825 දී සර්
එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරතුමා විසින් මෙම විහාරස්ථානය පිහිටි භූමි භාගය
සුමන මාහිමියන් වෙත සන්සකින් පවරා දීමේ පුවත ද විශේෂයෙන් සැළකිය යුතු
ය. එතැන් සිට (ක්‍රි.ව. 1830 – 1870) කළුකොදයාවේ ගුණරතන, මාකොළ සරණපාල,
මාකොළ ගුණරතන, ශ්‍රී ඥාණමෝලී, ශ්‍රී සෝභිත, ශ්‍රී ධම්මජෝති යන
යතිවරයාණන්ගෙන් සුසැදි මහා සඟ පරපුර වසරින් වසර මෙම විහාරස්ථානයේ
පුනර්ජීවනය සඳහා ඇපකැප වී ක්‍රියා කළහ.
ස්වර්ණමය යුගය
දැන් අප පා තබා ඇත්තේ සපුගස්කන්ද පුරාණ රාජ මහා විහාරස්ථානයේ ස්වර්ණමය
යුගයට ය. සියනෑ - හාපිටිගම් – අලුත්කූරු කෝරළත්‍රයේ ප්‍රධාන සංඝනායක
ධූරය හොබවන, දරණගම ඤාණසිරි නා ඛ්ඹ්මිපාණන් වහන්සේ කිසිදු විටෙක නොසැලෙන
නොපසුබස්නා උදාර චරිතයකින් හෙබි නායක ස්ථවිර නමකි. උන්වහන්සේගේ ආගමික
සහ සමාජයීය කටයුතු සඳහා විහාරස්ථ දායක සභාවට, ඤාණෝදය කුළඟන සමිතියට
ධර්ම විද්‍යාලයට සහ ගුණරතන කලායතනයට මහත් කැපවීමකින් සහාය දක්වති.
පොළොන්නරුවේ බුද්ධ ප්‍රතිමා වහන්සේට අනුරූපව නිම කළ පිළිම වහන්සේ.
පොළොන්නරුවේ එම පිළිරුව
ආනන්ද හිමියන්ගේ පිළිරුවක් බවට ද
මතයක් ප්‍රචලිත ය.
|
අවුකන බුදු පිළිමය අනුව තනා ඇති
පිළිම වහන්සේ |
වර්ෂ 1987 ජුනි මස 18 දින හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ
උදාගම් සංකල්පය අනුව කැලණි විහාර අනුරුවක් කතරගම පූජා භූමියේ සිට
කිලෝමීටරයක් පමණ දුරින් ඉදි කළහ. එය ජනශූන්‍ය ප්‍රදේශයක වූ හෙයින්
වර්තමානයේ අවධානයක් නොදැක්වෙයි. නමුත් සපුගස්කන්ද පුරාණ රාජ මහා
විහාරස්ථානයේ ගොඩනගන ලද සිවු මහා පිළිම වහන්සේ දෙනෝදහක් බොදු ජනතාව අද
මෙන්ම හෙටත් වන්දනාමාන කරනු ඇත. මෙම පිළිම වහන්සේ පෞරාණික පිළිම වලට
අනුව අතිශයින් සැළකිලිමත්ව ප්‍රතිෂ්ඨාපනය කිරීමට විහාරාධිපතීන් වහන්සේ
මහත් පරිශ්‍රමයක් දැරූ බව කවුරුත් දනිති. දිවි රෑ නොබලා, වෙහෙසවී
කිසිදු විරාමයක් නොලබා මෙම කටයුත්ත නිම කිරීමට උන්වහන්සේ ගත්
ප්‍රශංසනීය තැත අද මල්ඵල ගැන්වී ඇත.
අවුකන පිළිම වහන්සේ ගේ අනුරුව
අනුරාධපුර යුගයට අයත් සියලු ලක්ෂණ ගැබ්කර අමරාවතී සම්ප්‍රදායට , ආසිළු
මුද්‍රාවෙන් නිර්මිතය. සිරස්පත මහනුවර යුගයේදී එක්වන්නට ඇතැයි සැළකෙන
හෙයින් එය නොයොදන ලදී. මෙහි උස අඩි 46 කි.
සමාධි පිළිම වහන්සේ ගේ අනුරුව
දැනට ශ්‍රී ලංකාවේ පැරැණිතම ප්‍රතිමාව වශයෙන් පිළි ගැනෙන අනුරාධපුර
මහමෙව්නාවේ පිහිටි, ගුප්ත සම්ප්‍රදායට අයත් සමාධි පිළිම වහන්සේ අනුව
තනා ඇති මෙම පිළිමය උස අඩි 18 කි. පළල ද ඒ හා සමානය.
හිටි පිළිම වහන්සේගේ අනුරුව
මෙම පිළිම වහන්සේ ආනන්ද ස්ථවිරයන්ගේ යැයි සමහරු මත පළ කරති. මෙය
ත්‍රිභංග ලක්ෂණයෙන් සහ පරදුක්ඛ මුද්‍රාවෙන් යුක්තය. පද්මාසන මත වැඩ
සිටීම අනුව බුදු පිළිමයක් විය හැකිය. මෙම පිළිමය අඩි 28 ක් උසය.
සැතපෙන පිළිම වහන්සේ
මෙය පොළොන්නරු ගල් විහාර පිළිමයට අනුව තනා ඇත. ලොව්තුරා බුදුගුණ කළු
ගලට ආරෝපණය කර නෙළා ඇත. දිග අඩි 46 කි. මෙම සිවු මහා පිළිම වහන්සේ වටා
මහ පහන් වැටකින් ආලෝකවත් වෙයි. එමඟින් පරිසරය රමණීය වෙයි. දිවා රෑ
දෙකෙහිදීම වන්දනාමාන කිරීමේ පහසුව ඇති බවද විශේෂයෙන් සඳහන් කළ යුතුව
ඇත. මෙම සිවු මහ පිළිම වහන්සේ නිරාවරණය මල්වතු පාර්ශ්වයේ අතිපූජ්‍ය
\බ්බොටුවාවේ ශ්‍රී සුමංගල මහා නායක මාහිමිපාණන් වහන්සේගේ
ප්‍රධානත්වයෙන් සිදු කැරිණි.
|