දම් දෙසුම්
කැලණිය
කැලණියේ දුරුතු මහා පූජෝත්සවය නිමිත්තෙන් ශ්‍රී කල්‍යාණි රාජ මහා
විහාරයේ දී 2008 ජනවාරි 14 වන දින දක්වා දිනපතා රාත්‍රී 7 – 8 දක්වා
ධර්ම දේශනා මාලාවක් පැවැත්වේ.
ඒ අනුව මෙම 1 වන දා සිට දිනපතා පිළිවෙලින් ශාස්ත්‍රපති ගෝනදෙණියේ
පඤ්ඤාරතන හිමි, ශාස්ත්‍රපති පිණිකහනේ ඤාණාවාස හිමි, ශාස්ත්‍රපති
මුරුංගාගස්යායේ ඤාණිස්සර නා හිමි, ශාස්ත්‍රපති දැදිගම තිලකවංස හිමි,
අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනුනාහිමි, ආචාර්ය නාබිරිත්තන්කඩවර
ඤාණරතන හිමි, දර්ශනපති කොස්වත්තේ අරියවිමල හිමි, පණ්ඩිත ඉද්දමල්ගොඩ
වජිරඤාණ හිමි එම දම් දෙසුම් මෙම 8 වැනි දා දක්වා පවත්වති.
රත්මලාන
රත්මලාන මල්ලිකාරාමයේ දී සෑම ඉරුදිනකම සවස 5 –6 දක්වා පැවැත්වෙන දහම්
දෙසුම් මාලාවේ මෙම 2 වන දා දහම් දෙසුම රාජකීය පණ්ඩිත රණස්ගල්ලේ ඤාණවීර
හිමියන් විසින් පවත්වනු ලැබේ.
කිරුළපණ
කිරුළපණ නුගේගොඩ ශ්‍රී පූර්වාරාම ධර්ම පරායණ සමිතියේදී ඉල් අව අටවක
පෝදා දම් දෙසුම පිංකන්දේ සිරිධම්ම හිමියන් විසින් පවත්වනු ලැබේ.
|