ප්‍රතිකාරය හා වැළැකීම
ආගම මිනිසුන් ධර්මිෂ්ට කැරෙන නිසා ආගමට පහර ගැසීම ඉතා වැරැදි
බව තමා අසා ඇතැයි ද, එහෙත් ආගම නිසා මිනිසුන් ධර්මිෂ්ට වී ඇති
බවක් තමාට දක්නට ලැබී නැතැයි ද, බටහිර දාර්ශනිකයකු වූ
බර්ට්‍රන්ඩ් රසල් කියා ඇත. රසල් ගේ මේ කියමන සැබෑවක් ද? මෙය
බුදු දහමට අදාළ ද?
දැහැමි ජීවිතය හා ආගම අතර ඇති සබඳතාව හඳුනා ගැනීම සඳහා ජනතාව
ගේ ආගමික නැඹුරු ව පමණක් සොයා බැලීම ප්‍රමාණවත් නො වේ. ඒ සඳහා
මිනිසුන් ගේ පෞද්ගලික ජීවිත වෙතට එබී බැලිය යුතු ය. එහෙත් එය
ඉතා අසීරු හා නොහොබිනා ක්‍රියාවක් බව අපි දනිමු. එ සේ නම්,
මිනිසුන් ගේ පෞද්ගලික චර්යාවන් සමාජයීය ඵලයක් වශයෙන් හඳුනා ගත
නො හැකි ද? එය කළ හැකි ය. අදට යෙදී තිබෙන ලෝක ඒඩ්ස් දිනය
ඇසුරින් මෙය වටහා ගැනීමට පුළුවන.
අපි‍්‍රකානු මහද්වීපයෙන් 1981 දී හඳුනා ගැනීමට ලැබුණු ඒඩ්ස්
රෝගයට මෙතෙක් නිසි ප්‍රතිකාරයක් සොයා ගෙන නොමැත. ලෝක ජනගහනයෙන්
කෝටි සතරක් පමණ එච්අයිවී ආසාදිතයන් බවට පත් වී ඇතැයි පැව සේ.
මේ රෝගය නිසා මෙතෙක් ජීවිතක්‍ෂයට පත් වූ ගණන ලක්‍ෂ දෙසිය
පනහකි. පසුගිය වසරේ දී පමණක් එයින් මිය ගිය ප්‍රමාණය ලක්‍ෂ
දහනවයකි.
ඒඩ්ස් ආසාදිතයන් වැඩි ම කලාප අතුරින් දෙවන ස්ථානයට පත් ව ඇත්තේ
අප වෙසෙන අග්නිදිග ආසියාව ය.එහි වෙසෙන ආසාදිතයන් ගණන ලක්‍ෂ
හැත්තෑ අටකි. අග්නිදිග ආසියාවේ රටවල් අතුරින් ඒඩ්ස් ආසාදිතයන්
වැඩිම රටවල් වන්නේ ඉන්දියාව ( 2, 500, 000) තායිලන්තය (541,
000) මියන්මාරය (339, 000) යන රටවල් ය.
එච්අයිවී ආසාදිතයන් පන්දහසක් පමණ ශ්‍රී ලංකාවේ වෙසෙතැයි
ඇස්තමේන්තු කැර තිබේ. මේ රෝගියකු පිළිබඳ ව පළමු වරට ශ්‍රී
ලංකාවෙන් වාර්තා වූ 1986 වසරේ සිට 2007 සැප්තැම්බර් මස දක්වා
හඳුනා ගෙන ඇති ආසාදිතයන් ගණන නවසිය විසිතුනකි. එයින් පන්සිය
තිස්පහක් පිරිමි වන අතර තුන්සිය අසූ අටක් කාන්තාවන් ය. ශ්‍රී
ලංකාවෙන් මේ දක්වා වාර්තා වී ඇති ළදරු හා ළමා ආසාදියන් ගණන
විසිඅටකි. මේ රෝගය නිසා මිය ගිය ශ්‍රී ලාංකියන් ගණන එකසිය හැට
අටක් බව වාර්තා වී තිබේ.
මෙහි ආරම්භයේ දී උපුටා දක්වන ලද බර්ට්‍රන්ඩ් රසල් ගේ ප්‍රකාශය
අපට වැදගත් වන්නේ මෙ තැනදී ය.
මානව සමාජයේ අයහපත් ලිංගික සබඳතා පිළිබඳ ප්‍රකාශනයක් වන ඒඩ්ස්
රෝගය අප සමාජයේ ඉතා සෙමින් ව්‍යාප්ත වීම ශ්‍රී ලාංකිකයන් ගේ
සංස්කෘතික ජයග්‍රහණයකි. බුදු දහම මඟින් පෝෂිත ශ්‍රී ලාංකේ ය
සංස්කෘතියත්, ජීවන ප්‍රතිපදාව කෙරෙහි වඩාත් ම බලපා ඇති පංච
ශීලය නමැති ආගමික ඉගැන්වීමත් කෙතරම් අගනේ ද යන්න මෙයින්
පැහැදිලි කැරේ.
පර පණ නැසීම, සොරකම, කාමයෙහි වරදවා හැසිරීම, නිසරු බස් දෙඩීම,
මතට ලොල් වීම යන මේ කරුණු පහ, වර්තමාන සංකීර්ණ ලෝකයට ද වලංගු
වැරැදි මානව ක්‍රියාකාරකම් පිළිබඳ විවරණයකි. සියලු මානව දුබලතා
ආවරණය වන මේ කරුණු පහෙන් වැළැකී සිටීම දැහැමි ජීවිතයක් නො වේ
ද? ඒඩ්ස් වැනි ඉතා මෑතක දී සොයා ගත් රෝගයකින් වැළැකීම සඳහා වුව
ද පංච ශීල ප්‍රතිපත්තිය ප්‍රමාණවත් ය.
එහෙත්, මේ අගනා සාරධර්ම බැහැර කැරීමේ තරගයකට ශ්‍රී ලාංකිකයා
පිවිසී සිටින බව පෙනෙන්නට තිබේ. රූපවාහනී වෙළෙඳ දැන්වීම් දෙස
බැලූ විට එය අපට පසක් වන කරුණකි. කුඩා දරුවන් යොදවා නිපදවා ඇති
බොහෝ වෙළෙඳ දැන්වීම් මඟින් අප ගේ සාරධර්ම විනාශ කැරේ. විශාල
මුදලක් වැය කැරෙමින් ඒඩ්ස් පිළිබඳ ව දැනුවත් කිරීමේ වැඩසටහන්
හඳුන්වාදීම වෙනුවට අප ගේ සාරධර්ම රැක ගැනීම ඊට හොඳම
ප්‍රතිකර්මය යි. |