UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35, ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
2429598, 2429429

ෆැක්ස්:
2429329, 2449069

ඊමේල්:
[email protected]

චරථ භික්ඛවෙ චාරිකං

සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලවේග, ඒවාට හිමි සමාජයීය වටිනාකමට ගැළපෙන අනුපිළිවෙළ අනුව පෙළ ගස්වා ඇති බව පැහැදිලි ය. එහි දී ගිහියන් ගේ කාර්යයන් අතුරින් වඩා වැදගත් හා ගෞරවනීය සේවාව ලෙස වෛද්‍ය වෘත්තිය සලකා තිබේ. මේ අනුව වෛද්‍ය වෘත්තිය දෙ වන වනුයේ භික්ෂූන් වහන්සේ ගේ කාර්ය භාරයට පමණි. එම වෘත්තියට ලැබෙන ගෞරවනීය තත්ත්වය අවබෝධ කැර ගැනීමට සිරස සුපර් ස්ටාර් දෙවන තරගාවලියේ ජයග්‍රාහකයා කදිම නිදසුනකි. ප්‍රදීප් රංගන නමැති වෛද්‍ය ශිෂ්‍යයා හට එම කිරුළ දිනා ගැනීම සඳහා මේ වෘත්තීය වටිනාකම බෙහෙවින් උපකාරී වූ බව රහසක් නො වේ.

එම ගෞරවනීය වෘත්තියෙහි නියැලී සිටින අයකු රජයේ රෝහලක් තුළ දී රෝගී තරුණියක දූෂණය කැර මරා දැමීම ගැන සැකපිට අත් අඩංගුවට ගත් විට තත්ත්වය කෙ බඳු ද? එහෙත්, එ බඳු අවාසනාවන්ත පුවතක් පසුගිය 12 වන දා මීගමුව මහ රෝහලෙන් වාර්තා විය.

චමිලා දිසානායක නමැති විසි දෙහැවිරිදි තරුණිය මීගමුව මහ රෝහලේ දී දූෂණය කොට එහි හයවන මහලෙන් බිමට ඇද දමා මරා දමන ලදැයි එම රෝහලේ වෛද්‍යවරයකු වන සුදර්ශන මාලගේ ජයතිස්ස අත්අඩංගුවට ගෙන ඇත.

මීගමුව රෝහලෙන් වාර්තා වූ එම සිද්ධිය සමස්ත වෛද්‍ය වෘත්තියට ම කැළලක් බව සීමාවාසික වෛද්‍යවරුන් 847 කට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම පිණිස ජෝන් ද සිල්වා සමරු රඟහලෙහි පැවැති උත්සවයක දී සෞඛ්‍ය ආරක්ෂණ හා පෝෂණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසා තිබේ. එම සිද්ධිය නිසා ඇති කළ සමාජ කම්පනය කෙ තරම් ද යත්, ස්ත්‍රී දූෂකයන්ට එරෙහි ව මරණීය දණ්ඩනය ක්‍රියාත්මක විය යුතු ය යන යෝජනාවක් අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් වීමට නියමිත ය.

එක් සාමාජිකයකු ගේ අයහපත් හැසිරීම මත සමස්ත වෘත්තීය ක්ෂේත්‍රය පිළිබඳ ව නිගමනයකට එළඹීම සුදුසු යැයි අපි නො සිතමු. එ සේ වුව ද එම සිද්ධිය සමස්ත වෛද්‍ය වෘත්තියට ම කැළලක් බවට සෞඛ්‍ය අමාත්‍යවරයා කළ ප්‍රකාශය සමඟ අපට එකඟ විය හැකි ය.

එ බැවින් නෛතික ක්‍රියා මාර්ග, පරිපාලන විසැඳුම් හා අධ්‍යාත්මික මඟ පෙන්වීම් මෙහි දී අවශ්‍ය වනු ඇත. නෛතික ක්‍රියා මාර්ග හා පරිපාලන විසැඳුම් ම¼ගින් ඝාතකයාට දඬුවම් දී ඊට අදාළ ආයතනික දුබලතා අවම කැරීමට කටයුතු යෙදිය හැකි ය. එහෙත් මෙ බඳු සිද්ධීන් කෙරෙහි ඊට වැඩි අවධානයක් යොමු කළ යුතු යැයි අපි සිතන්නෙමු.

වෛද්‍ය විද්‍යාවේ පිළිගැනීම් අනුව මේ සිද්ධිය දෙස බැලීම ද වැදගත් වනු ඇත. නූතන බටහිර මනෝ විද්‍යාවේ පියා ලෙස සැලැකෙන සිග්මන් ප්‍රොයිඩ් විසින් පෙන්වා දී ඇති පරිදි හැම අයකු ම උපන් මොහොතේ සිට ක්‍රියාත්මක වන ලිබිඩෝ නමැති බලවේගයක් තිබේ. සාමාන්‍යයෙන් තණ්හාව යැයි නම් කළ හැකි මෙහි ප්‍රධාන ලක්ෂණය ලිංගික ආශාවන් ය. දරුවකු කුඩා අවධියේ වුව ද දෙමව්පියන්ට ඇති ආදරය, ඉන්ද්‍රියන් සනසන, ස්පර්ශ, ගන්ධ ආදිය විඳින ආකාරයෙන් ද මෙය පිළිබිඹු වන බව ප්‍රොයිඩ් ගේ අදහස ය.

එ සේ නම් අපරාධකරුවකු එල්ලා මැරූ පමණින් සමාජය යහපත් වනු ඇත් ද?

මෙහි දී අප විශ්වාසය තැබිය යුත්තේ පංච මහා බලවේගයෙහි ප්‍රමුඛතාව හිමි මහ සඟ ගණ වෙත ය. එහෙත් පන්සලට රැස්වන යහපත් මිනිසුන්ට පමණක් බණ කියන වත්මන් සම්ප්‍රදායය වෙනුවට අංගුලිමාල ලා සොයා යන ගමන වහා ඇරැඹිය යුතු ව තිබේ. බුදු සසුනෙහි ප්‍රථම ධර්ම දූත පිරිස වන රහතන් වහන්සේ ලා සැටනම ධර්මය ප්‍රචාරය සඳහා ගමන් ඇරැඹි ඉල් පොහොය ඊට සුදුසු ම දිනය යි.

ඉල් පුර පසළොස්වක

 
ඉල් පුර පසළොස්වක පෝය නොවැම්බර් 23 වන දා සිකුරාදා අපරභාග
11.53 ට ලබයි.
24 වන දා සෙනසුරාදා
අපරභාග 08.02 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 24 වන දා සෙනසුරාදාය.


මීළඟ පෝය දෙසැම්බර්
1 වන දා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 24

Second Quarterඅව අටවක

දෙසැම්බර් 01

New Moonඅමාවක

දෙසැම්බර් 09

First Quarterපුර අටවක

දෙසැම්බර් 17

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]