Print this Article


ගැමුණු සැදෑතිස් මහා සෑයේ ගඩොල් පූජාවට සැදැහැතියෝ එක්වෙති

ගැමුණු සැදෑතිස් මහා සෑයේ ගඩොල් පූජාවට සැදැහැතියෝ එක්වෙති

බුත්තල, යුදඟනාව, ගෝමින්ද, මිණිහෙළ මස්ථකයේ ඉදිවෙමින් පවතින ගැමුණු සැදෑතිස් මහා සෑය සඳහා අවශ්‍ය ගඩොල් පූජා කිරීමට බුත්තල ආබාධ සහිත පුද්ගලයන්ගේ ස්වශක්ති සංවිධානය හා වකුගඩු දීමනාලාභීන්ගේ එකමුතුව පියවර ගෙන ඇත.

මෙහිදී රුපියල් දස දහසක් පමණ වටිනා ගඩොල් දහසක් පමණ ඔවුන් විසින් පරිත්‍යාග කළ ලදී. බුත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා ඒකකයේ මඟ පෙන්වීම මත මෙය සිදු කර තිබේ.

මෙම අවස්ථාවට බුත්තල යුදඟනාව රාජමහා විහාරාධිපති, ශාස්ත්‍රපති, පණ්ඩිත ගල්ටැම්වත්තේ නන්දරතන නාහිමි ඇතුළු රාජ්‍ය නිලධාරීහු සහභාගී වූහ.