Print this Article


ඓතිහාසික සේරුවිල නිකිණි පෙරහර මංගල්‍යයේ සිරි අසිරිය

ඓතිහාසික සේරුවිල නිකිණි පෙරහර මංගල්‍යයේ සිරි අසිරිය

උතුම් සේරුවිල මංගල මහා සෑ රජුන් උදෙසා පූජෝපහාර පෙළහර සේරුවිල නිකිණි මංගල්‍යයට සමගාමීව සිදුකරනු ලැබූ 103 වැනි සේරුවිල ශී‍්‍ර ලලාට ධාතු මහ පෙරහර පසුගියදා (05) වීදි සංචාරය කෙරිණි.

මහාවිහාර වංශික ශී‍්‍ර ලංකා අමරපුර මහා නිකායේ ශී‍්‍ර කල්‍යාණි වංශ පාර්ශ්වයේ මහා නායක දෙවිනුවර ශී‍්‍ර පරම විචිත්‍රාරාම රජමහා විහාරාධිපති ආචාර්ය දෙවිනුවර සිරි සුනන්ධාභිදාන මහානායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ වැඩමවීමෙන් පෙරහර සමාරම්භක උලෙළ පැවැත්විණි.

සේරුවිල මංගල රජමහා විහාරධිපති, අළුදෙණියේ සුබෝධි නාහිමිපාණන් වහන්සේගේ මෙහෙයවීමෙන් මෙම කටයුතු පැවැත්විණි.

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර, සේරුවිල ශී‍්‍ර ලලාට ධාතු පෙරහර කමිටුවේ සම සභාපති නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර, පාර්ලිමේන්තු මන්තී‍්‍ර රොෂාන් අක්මීමන ඇතුළු ආරාධිත පිරිසක් ද මෙම පෙරහර සමඟින් එක්වූහ.

දේශීය සංස්කෘතිය ඔප්නංවමින් විශේෂාංග රැසක් මෙවර සේරුවිල නිකිණි පෙරහර මංගල්‍යයට එක් කර තිබිණි.

සැදැහැවතුන් විශාල පිරිසක් ද පෙරහර නැරඹීමට එක්ව සිටියහ.

ප්‍රදේශයේ පාසල් නියෝජනය කරමින් පාසල් දරුවන් ද පෙරහර විචිත්‍රවත් කිරීමට එක්විණි.

පෙරහරේ සධාතුක කරඬුව වැඩම කරවනු ලැබුවේ ශී‍්‍ර දළදා මාළිගාවේ මියන්රාජා මංගල හස්ථි රාජයා විසිනි.