|

පැවිදි දිවියට
මාතර හම්බන්තර දෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක වටගෙදර රේවත නායක මාහිමිපාණන්ගේ
අනුශාසනා පරිදි කුලදරුවන් තිදෙනකු පැවිදි කිරීම පසුගියදා මාතර, වටගෙදර පොත්ගුල්
විහාරස්ථානයේ දී සිදු කෙරිණි.
බිබිල, මැදගම අවුරුදු 8 ක් වයසැති නිවුන් දරුවන් වන රත්නායක මුදියන්සේලාගේ යසස්
කෞශල්‍ය කුල කුමරු මැදගම සසිඳුසිරි හිමි නමින් ද, රත්නායක මුදියන්සේලාගේ යසිත්
කෞශල්‍ය කුල කුමරු මැදගම යසිඳුසිරි හිමි නමින් සහ ඔක්කම්පිටිය පදිංචි කෝණාර
මුදියන්සේලාගේ ටෂාන් සත්සර කුල කුමරු ඔක්කම්පිටියේ පවරසිරි හිමි නමින්ද පැවිදි
දිවියට ඇතුළත් වූහ.
පී.මද්දුමගේ - ගොමිල, මාවරල. |