|

සපුගස්යායේ ධම්මපාල නාහිමියෝ
උපප්‍රධාන සංඝනායක පදවි ලබති
අහංගම, දික්කුඹුර ඉඳුරන්නවිල සිරිසුදස්සි විහාරාධිපති, විචිත්‍රභාණී සපුගස්යායේ
ධම්මපාල ස්වාමීන්ද්‍රයන් වහන්සේ මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහානිකායේ මල්වතු මහා
විහාරයේ ශ්‍රීමත් මහානායක අනුනායක සානුනායක කාරක මහා සංඝ සභාව වෙතින්
සමානච්ඡන්දයෙන් සද්ධර්ම කීර්ති ශ්‍රී තල්පේපත්තුව ඇතුළු මාතර හම්බන්තර දෙදිසාවේ උප
ප්‍රධාන සංඝනායක පදවියට පත් කර ඇත. ඒ පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවය
පසුගිය 23 වැනි දින ප.ව. 02ට මහනුවර මල්වතු මහා විහාරීය රාජ පූජිත මංගල උපෝසථාගාරයේ
දී ශ්‍රීමත් මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
පලල්ලේ සරණජෝති හිමි |