අන්තර් දහම් පාසල් බොදු බැති ගී තරගාවලිය


ඇසළ පොහොයට සමගාමීව තඹුත්තේගම ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩල, තඹුත්තේගම ප්‍රාදේශීය
මහ ලේකම් කාර්යාලය, රාජ්‍ය ආයතන සහ නිර්මාණී ඩ්‍රෙස් පොයිට් ආයතනය ඇතුළු වෙළෙඳ
ප්‍රජාව එක්ව සංවිධාන කළ අන්තර් දහම් පාසල් බැති ගී තරගාවලිය පසුගිය
28 වැනි දා තඹුත්තේගම බස්නැවතුපොළ කේන්ද්‍ර කරගනිමින් පැවැත්විණි.
තඹුත්තේගම ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී, රාජකීය පණ්ඩිත, ගෞරව
ශාස්ත්‍රවේදී, පිරිවෙන් අධ්‍යක්ෂ මැණික්හීන්නේ ධීරානන්ද නාහිමියන්ගේ සහ තඹුත්තේගම
ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති කලුඑබේ සුමේධ නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් සහ
මූලිකත්වයෙන් මෙම බැති ගී තරගාවලිය අදියර දෙකක් යටතේ පැවැත්විය.
චිත්‍රාරත්න කළුආරච්චි - හිඳෝගම සමූහ
|