උඩුදුම්බර කාශ්‍යප හිමි මෙහෙයවන
පට්ඨාන ධර්ම දේශනාව අගෝ්ස්තු 25 වැනි දා
අභිධර්මය, සිහිය සහ භාවනාව වැඩිදියුණු කර ගැනීම සඳහා මඟ කියා දෙන පට්ඨාන ධර්ම
දේශනාවක් අගෝස්තු 25 වැනි දා බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ
දී පැවැත්වෙන අතර, සංසාර සීමා ඉක්මවා යාමට අතික්‍රමණ නමින් මෙම වැඩසටහන නම් කර ඇත.
උඩුදුම්බර කාශ්‍යප හිමියන් විසින් මෙහෙය වන මෙම වැඩසටහන උදෑසන සැසිය 9.00 සිට සවස
1.30 සක්වාත්, සවස සැසිය 3.00 සිට රාත්‍රී 7.00 දක්වාත් පැවැත්වේ. ඒ සඳහා
0706668017 දුරකතන අංකය ඔස්සේ ලියාපදිංචි විය හැකි බව ජාත්‍යන්තර විපස්සනා භාවනා
මධ්‍යස්ථානය දන්වා සිටියි. දුරකතන අංක 070 6668017 ඇමතීමෙන් ලබා ගත හැකිය. |