සීතාඑළියේ චන්දානන්ද නාහිමියෝ පනස් වැනි උපසම්පදා දිවිය සපුරති
ශාසනවර්ධන පිරිවෙන් මහා විහාරය ඇතුළු විහාර ගණයේ විහාරාධීශ්වර, ත්‍රිපිටකවේදී,
ශාස්ත්‍රපති, සද්ධර්මවාගීශ්වර, මේධාලංකාර වංශාවතංස ශාසන කීර්ති ශ්‍රී සංඝසෝභන
මහෝපාධ්‍යාය සීතාඑළියේ චන්දානන්ද ස්වාමීන් වහන්සේ උපසම්පදාව ලබා වසර 50ක් සපිරේ.
ධර්මධර, විනයධර වියත් භික්ෂුවක් වූ උන්වහන්සේ වර්ෂ 1976දී කළුතර උදකුක්ඛේප
සීමාමාලකයේ දී වේවැල්දෙණියේ මේධාලංකාර මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ
ආචාර්යත්වයෙන් අධිසීල සංඛ්‍යාත උපසම්පදා ශීලයෙහි පිහිටවනු ලැබූහ.
එච්.ඒ. සමරවංශ |