Print this Article


දෙමංසල හැරයාම

දෙමංසල හැරයාම

දෙමංසලක් අබියසේ
සිටිනා මඟියා
යා යුතු මඟ සිතා ගන්න
බැරිව ළතවනා
අදිසි හඬක් කොහිදෝ සිට
ඔහු අමතනවා
නුඹ යා යුතු මේ මඟ යැයි
යොමු කරලමිනා

කන පිනවන නෙත සනසන
දිවට රස දෙනා
නැහැය ගත ද පිනවාලන
සුවඳ පැතිරෙනා
ආසාවේ විලංගුªවල
දෙපා සිරවෙනා
මේ මං තල පිවිසුණු අය
අත්හැර නොයනා

එය හැර යන මඟියා තුළ
ගත සිත පිනනා
මලු ඔසවාගෙන යන්නට
බැඳුම් කිසි නැති
මං කෙළවර සහන් එළිය
දිදුලමින් පෙනේ
ඉන් ඔබ්බෙහි රුවන් පහයෙ
නිවන් දොර ඇරේ