සැනසීම

රන්වන් හිරු රැසින් ලෝකය නැහැවෙනවා
පිනි මල් පොකුරු මද සුළඟට නැළවෙනවා
ඒ මල් සුවඳ ලොව දස අත විහිදෙනවා
සවසට මිලින වී මල් පෙති ගිලිහෙනවා
පොදි බැඳ මැණික් රන් මුතු මිණි සැමදා ම
දිගටම ගියොත් වෙයි දිවියට පැරදීම
මෙලොවට පරලොවට යහපත සැලසීම
දන් පින් කිරීමයි කාටත් සැනසීම
සී.එම්.පී. කුමාරිහාමි |