Print this Article


තිදොර රැක

තිදොර රැක

ඕඝ ඇසුරේ සැදුනැ - කාම, බව, දිටු, අවිදු
තාවකරනැ නොසෙලැවෙනැ - ලෙසිනා//

රාග ය යැ, දෝසය යැ, - මෝහය යැ පෑ මුසුව
ඇසුරෙ “මම” මන්දිරය - තැනුණා//

වේග හැරැ සැපත, දුක - මැදි මඟිනැ කැණි මඩළ -
කඩන’යුරු හා! පුරා - දෙසුනා //

භාගවත් ඇසළ පුණු - පෝදිනේ සිට තිදොර
රැක ඇදෙමු එමැ මඟෙහි - සොඳිනා//