Print this Article


ආශිර්වාද පූජාවක්

ආශිර්වාද පූජාවක්

උඩරට අමරපුර සාමගී‍්‍ර සංඝ සභාවේ යටිකිඳ, වියලුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක සද්ධර්ම කීර්ති ශ්‍රී ශාසනසෝභන විශ්‍රාමලත් පාඨශාලාචාර්ය මඩුගස්තලාවේ විමලබුද්ධි නාහිමියන් පැවිදි බිමට පත්ව අඩසිය වසරක් සපිරේ. විමලබුද්ධි නාහිමියන් පරාර්ථ මෙහෙවර උදෙසා මහත් කැපවීමෙන් කටයුතු කරන අතර, ගිහි, පැවිදි බොහෝ දෙනාගේ ගෞරව ප්‍රසාදයට පත්ව වැඩ සිටින මහ තෙරනමක් ද වේ. විමලබුද්ධි නාහිමියන්ට දිගාසිරි පතා ආශීර්වාද පූජාවක් මෙම 27 වැනි දා සීදුව සුගතාරාමයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබිණි.