Print this Article


බෞද්ධාලෝක සාහිත්‍ය උළෙලට නිර්මාණ භාර ගැනේ

බෞද්ධාලෝක සාහිත්‍ය උළෙලට නිර්මාණ භාර ගැනේ

බෞද්ධ සාහිත්‍ය සේවාවේ නිරත සාහිත්‍ය නිර්මාණකරුවන් හා මාධ්‍ය නිර්මාණකරුවන් ඇගයීමේ බෞද්ධාලෝක සාහිත්‍ය උළෙල මෙම (2026) වර්ෂයේ පවත්වනු ලැබේ. බෞද්ධාලෝක සාහිත්‍ය උළෙල සඳහා මුද්‍රිත, ශ්‍රව්‍ය හා ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය සේම බෞද්ධ ගීත, අංකිත නිර්මාණ ආදිය සඳහා ද සම්මාන පිරිනැමේ. කොළඹ බෞද්ධාලෝක පදනම විසින් සංවිධානය කරන මෙම ඇගයීම් උළෙල මෙවර අංශ කිහිපයකින් පුළුල් කර තිබීම විශේෂත්වයකි. නව මාධ්‍ය මෙන්ම බෞද්ධ ගීත හා බෞද්ධ චිත්‍ර කලාව වෙනුවෙන් වන ප්‍රශස්ත නිර්මාණ ඇගයීම ද ඒ අනුව සිදුවේ. 2025 වර්ෂය අවසානය තෙක් පුවත්පත්, ගුවන්විදුලි, රූපවාහිනි ඇතුළු ජනමාධ්‍යයෙන් ඉදිරිපත් කළ ප්‍රශස්ත බෞද්ධ නිර්මාණ වෙත මෙකී සම්මාන පිරිනැමේ.

තෝරා ගන්නා ලද හොඳම නිර්මාණවල හිමිකරුවන් සඳහා 2026 ඔක්තෝබර් මස කොළඹ දී පැවැත්වීමට නියමිත බෞද්ධ සාහිත්‍ය උළෙලේ දී සම්මාන පිරිනැමෙනු ඇත. සියලු නිර්මාණ විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් විද්වතුන් සේ ම අදාළ ක්ෂේත්‍රවල ප්‍රවීණයන්ගෙන් සමන්විත මණ්ඩලයක් ඔස්සේ ඇගයීම් සිදු කෙරේ. නිර්මාණ භාර ගැනීමේ අවසන් දිනය 2026 ජුනි 30 වන අතර, අවශ්‍ය විස්තර හා අයදුම්පත් ‍‍www.bauddhaloka.org වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.