Print this Article


නොපෙනෙන ඉම

නොපෙනෙන ඉම

ගෙවී ගිහින් පරම්පරා ගණනාවක්..
විය ගස කැඩීමෙන් සෑදුණ කොටස් දෙකක්..
ඇළෙන් දොළට දොළෙන් ගඟට ගලා දිනක්..
සයුරට වැටෙනවලු නොපෙනෙන ඉමක් කොනක්..

සතර දෙසින් හමනා සුළඟට පැද්දී..
විය ගසෙ කැබලි දෙක ඈතට පාවෙද්දී..
පුර පෝ සඳක් අහසේ පායා එද්දී..
විය ගසෙ සිදුර සෑදෙනවලු ඒ වෙද්දී..

දෙකොටස යා වෙලා සෑදෙන විය සිදුරින්..
කණ කැස්බෑවා අහස බලයි පෙනෙන ඇසින්..
වේවිද එලෙස වූවත් එය සිය වසකින්..
මනුලොව උපත දුලබය මේ යෙදුම ලෙසින්..