
දහම් ආලෝකය
මිහින්තලා පුදබිමට මිහිඳු හිමියන් වැඩම කිරීම ලක්වැසි ජනතාවගේ ආගමික හා සංස්කෘතික
ගමන සම්පූර්ණයෙන්ම වෙනස් කළ ඓතිහාසික සන්ධිස්ථානයකි. බුදුන් වහන්සේ පිරිනිවන් පා
බුද්ධ වර්ෂ 236ක් ගත වූ තැන ඉන්දියාවේ පැවැති තුන්වැනි ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක්
ලෙස මෙම උතුම් මහින්දාගමනය සිදු විය.
එතෙක් පොහෝ දිනවල පවා මුවන් දඩයම් කිරීම වැනි ප්‍රචණ්ඩ විනෝදාංශවල නිරත වූ ශ්‍රී
ලාංකීය ජනයා තුළ අහිංසාවාදී චින්තනයක් ඇති කිරීමට මිහිඳු හිමියන්ගේ දහම් පණිවිඩය
සමත් විය.
මතිජ සචිත්ය සිනෙත් රත්නායක
11 සී - විජය ජාතික පාසල - මාතලේ |