Print this Article


දිවමන් උරුමය

දිවමන් උරුමය

පොසොන් පුන් සඳ කිරණින්
යාල වන මැද අභිමනින්
බැබළෙනා සදහම් තෙදින්
සොඳුරු චිත්තල පබ්බතින්
පැවසෙනා හෙළ පුරාණය
මෙත් සිසිලෙන් සිත් සැනසූ
අපේ දිවමන් උරුමයයි

පිනැති කාවන්තිස් රජුන්
සහස් ගණනින් ලෙන් තැනූ
දොළොස් දහසක් රහත් හිමි
දහම රැකගත් පින් කෙතයි
රුදුරු බැමිණිති සාගතේ
වසර දොළහක් පැවතුණේ

කඳු මුදුන් සහසින් සැදී
පැරැණි නටඹුන් චේතියන්
මලියදෙව් රහතුන් උතුම්
පා සිඹුම් ලැබු පින් කෙතයි
හෙළයෙ මහ හැදියාව වේ
රකිමු පණ මෙන් සැම දිනේ
සිතුල්පව් මහ විහාරය