වාරියපොළ ශ්‍රී විසුද්ධාරාමයේ දී
පින්කම් රැසක්

වාරියපොළ ශ්‍රී විසුද්ධාරාම විහාරයේ දායක සභාව විසින් සංවිධාන කරන ලද අඩි 30ක පමණ
කොඩි ගහක් නිර්මාණය කිරීම, කප්රුක් පූජා කිරීම, දෙතිස් වෑංජන පූජාව, සියක් වර්ග
පූජාව, ශීල ව්‍යාපාර, දම් දේශනා සහ දන්සල් වැනි පින්කම් රැසක් වෙසක් පොහෝ දිනයේ දී
විහාරස්ථ පරිශ්‍රයේ දී පැවැත්විණි.
කඩිහාරේ පේමරතන හිමියන්ගේ අනුශාසනා පරිදි, ශ්‍රී සුමංගල ජාතික පාසලේ නියෝජ්‍ය
විදුහල්පති වඩුගෙදර ශ්‍රී සාරානන්ද හිමියන්ගේ උපදෙස් සහ සහයෝගය මත දායක සභාව විසින්
මේ පින්කම් සංවිධාන කරන ලදී.
එච්. එම්. එන්. පතිරාජ
- වාරියපොළ මධ්‍යම සමූහ |