නමදිමු
අනුබුදු
මිහිඳු හිමි
උතුම් නිවන් රස ඇති බුදුබණ මියුරු
සිරිලක විසූ දන වෙත මහා මෙතින් දෙසූ
බුදුහිමි සේ ම වටිනා අනුබුදු මිහිඳූ
හිමි නමදිමු! අපි සැම සැදැහෙන් සාධූ
උතුම් පොසොන් දින අද මෙන් උදා වුණ
මිහිඳු සමිඳු වැඩි දිනයේ ලක් දෙරණ
අවිදු අඳුර දුරුවී ලද විදු එළිය
පොසොන් සඳ එළිය මෙන් ඇත බැබළෙමින
තිලකුණු සහිත බුදුබණ දම් හඬ අදටත්
සිරිලක පුරා පැතිරේ බිඳ ඉසිකෝ මන්
උතුම් පොසොන් සමයේ අපි කළගුණ දත්
මිනිසුන් ලෙසින් වඳිනෙමු අනුබුදු අරහත්
මාලඹේ - කේ. ඩබ්ලිව්. සිරිසේන |