Print this Article


පොසොන් අසිරිය

පොසොන් අසිරිය

බුදු හිමියන් තෙවරක් වැඩි තුන් හෙළය
සිදු වුණ අසිරියකි අනුබුදු සඟ කුලය
බොදු මෙත් ගුණෙන් ඇති වී සසුනේ පලය
බොදුවන් සිහිකරයි පොහො දිනයේ බලය

නව තා දඩ කෙළිය මහ නිරිඳුන් තිස්ස
පව පින කියා දී පන්සිල් පද දෙස්ස
නුවණින් අඹ පැනට පිළිතුරු දී දස්ස
සුවසෙත ලබද්දී ඇති විය පොද වැස්ස

ඇර ඹුණ සසුන් කෙත සම්බුදු බලය පිදූ
ගිර අඹතලා සිහිවෙයි සෑ රදුන් සැදූ
තෙර දකිනට සසර හැම ඇත්තෙක් ම බොදු
දුර ගමනක් යෑමට ඇත අපට පොදු

අභයගිරිය රන්වැලි ථූපාරාම
ගැබය අහස තෙක් දිස්වෙයි හැමදාම
සුභය බෝ හිමිගෙ අසිරිය බලපෑම
ඔබ ය බුදු සසුනෙ හිමිකරු හැමදාම