බිබිල යශෝධරා බාලිකාවේ සීල සමාදානය

වෙසක් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් බිබිල යශෝධරා බාලිකා විද්‍යාලයේ දැරියෝ පසුගිය
26 වැනි දා සීල සමාදාන වැඩසටහනක නිරත වූහ. මෙම වැඩසටහන බිබිල මහමෙව්නාව භාවනා
අසපුවේ දී සිදු කෙරිණි.
මෙහිදී භාවනා, ධර්ම සාකච්ඡා ඇතුළු ආගමික වැඩසටහන් කරාඩුගල ධම්මදස්සී සහ මහමෙව්නාව
භාවනා අසපුවේ ධම්මාවාස හිමිවරුන්් විසින් පවත්වන ලදී. මෙම වැඩසටහන විදුහල්පති එස්.
එම්. හිමාලි සමන් කුමාරි මහත්මියගේ උපදෙස් මත, විද්‍යාලයීය ගුරු මණ්ඩලය සහ මවුපියන්
විසින් සංවිධාන කර තිබිණි. |