Print this Article


ශාසනයේ උන්නතියට කැප වූ හොරතැපල පාලිත නාහිමියෝ

ශාසනයේ උන්නතියට කැප වූ හොරතැපල පාලිත නාහිමියෝ

හොරතැපල පාලිත නාහිමියන් 1944 නොවැම්බර් මස 22 වැනි දා පැවිදි දිවියට ඇතුළත් වූයේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දිසා පාලක යටගම ශ්‍රී ඤාණුක්කංස හිමියන්ගේ සහ හැදලගමුවේ පිරිවෙන් අධ්‍යක්ෂ වෙලගානේ ඤාණවිමල හිමියන්ගේ ආචාර්යත්වයෙනි.

1981 දී උපසම්පදාව ලැබූ උන්වහන්සේ බණ්ඩාරවෙල බෙරාගම කනිෂ්ඨ විද්‍යාලයේත්, කුලියාපිටිය මාහිම්පිටිය විද්‍යාලයේත්, කරවුල්ල කනිෂ්ඨ විද්‍යාලයේත් සේවය කළහ. කෘති ගණනාවක් රචනා කර ඇති හොරතැපල පාලිත හිමියන් සිදු කළ ශාස්ත්‍රීය සේවාව සුවිශේෂී වේ. තම පෞද්ගලික ධනය වියදම් කරමින් උඩුබද්දාව ශ්‍රී ආර්යබෝධි විහාරය ගොඩනැඟූ උන්වහන්සේගේ ශාසනික සේවය ඉතා විශිෂ්ටය. මෙලෙස උගත් යතිවරයාණන් වහන්සේ නමක් වූ හොරතැපල පාලිත නාහිමියෝ 2008 ජනවාරි මස 05 වැනි දා අපවත් වී වදාළහ.

පසුගිය මාර්තු මස 14 සහ 15 යන දෙදින උඩුබද්දාව ශ්‍රී ආර්යබෝධි විහාරය මුල්කර ගනිමින් උන්වහන්සේට පින් අනුමෝදන් කිරීම පිණිස පින්කම් මාලාවක් පැවැත්විණි. හොරතැපල පාලිත නාහිමියන්ට උතුම් නිවන් අවබෝධ වේවා යි ප්‍රාර්ථනා කරමු.