[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

සුභාෂිත හා දාර්ශනික සත්‍ය වචන

පරම සත්‍යවාදී තථාගත බුදුරදුන් චංකී සූත්‍රය තුළ දී කාපටික බමුණා අමතා, සත්‍ය ලෙස යමක් පිළිගැනීමේ දී නිර්ණායක පහක් උපයෝගී කර ගන්නා බව පෙන්වා දුන් අතර, ඒ තුළින් පිළිගන්නා දෑ හැමවිට ම සත්‍ය නොවන බව පෙන්වා දේ. ඒ අතුරින් ‘ශ්‍රද්ධා’ සංකල්පය පිළිබඳ පසුගිය කලාපයේ දී විග්‍රහ කළෙමි. අද එතැන් සිට ඉදිරියට. ‘අනුස්සව’ (පාලි) ‘අනුශ්‍රව’ (සංස්කෘත) යන පදයට පර්යාය ලෙස සුත/ශ්‍රැති ආදී පද යෙදේ. කෙනකුගෙන් අසා දැන්ගන්නා සාමාන්‍ය දේ ‘සුත’ නැතහොත් ‘ශ්‍රැතිය’ ලෙස සඳහන් කළ හැකි ය. මෙම ‘අනුශ්‍රව’ යන පදය යෙදී ඇති අර්ථ සන්දර්භය සැලකිල්ලට ගන්නා විට, අර්ථ තුනක් යෝජනා කළ හැකි බව මහාචාර්ය කේ. එන්. ජයතිලක මහතා පෙන්වා දේ. ඒවා නම්, දේවානාවරණය, අධිකාරී සම්ප්‍රදාය, වාර්තාව ය. මේ සඳහා බහුලව භාවිත වන වදනක් වනුයේ ශ්‍රැතිය යන්න යි. කෙනකුගෙන් අසා දැනගන්නා සාමාන්‍ය දේ ශ්‍රැතිය යැයි සරල ව දැක්වේ. වර්තමානයෙහි අධ්‍යාපනය යන පදයෙන් අදහස් කරන කාර්ය පටිපාටියේ ගුරුවරයාගෙන් අසා දැන ගන්නා දේ ශ්‍රැති සංඛ්‍යාවට අයත් වේ. ගුරුවරයාගෙන් අසා දැනගන්නා දේ ප්‍රතික්‍ෂේප කිරීමේ උපදේශයක් බුදු දහමේ නැත. එයින් ප්‍රකට වනුයේ ශ්‍රැතියට කිසියම් අර්ථයක් ආරෝපණය කිරීමට බුදු දහම පසුබට නොවන බවයි. ‘සුත’ යන පදය බුදු දහම තුළ ඉතා ප්‍රකටව පෙනෙනුයේ සූත්‍රාරම්භයේ යෙදෙන ‘ඒවං මේ සුතං’ යන වාක්‍ය තුළ ය. එහි අර්ථය වනුයේ ‘මා විසින් මෙසේ අසන ලදි’ යනුවෙනි. ඒ අනුව මෙහි සඳහන් ‘සුතං’ පදයට අනුව පාලි ත්‍රිපිටකයට අයත් සූත්‍ර දේශනා ද ශ්‍රැති සංඛ්‍යාවෙහිලා ගැනේ. මෙම සූත්‍ර දේශනා ප්‍රථම ධර්ම සංගායනා අවස්ථාවේ දී අනඳ තෙරණුවන් විසින් ඉදිරිපත් කළ අතර, සූත්‍ර දේශනාවේ යම් වරදක් වේ නම්, එයින් මිදෙනු පිණිස ‘ මාගේ ඇසීම මෙසේ ය’ යන ප්‍රකාශය සිදු කර තිබේ. සන්දක සූත්‍රයට අනුව, සන්‍දක පිරිවැජියා හට කරුණු දක්වන අනඳ තෙරණුවෝ පවසනුයේ මෙලොව සමහර ආගමික ශාස්තෘවරු ශ්‍රැතිය පදනම් කරගෙන හා එය ම ප්‍රාමාණික වශයෙන් ගෙන සත්‍ය ලෙස ප්‍රකාශ කරන බවත්, අනුශ්‍රවය මත පිහිටා පරම්පරාවෙන්, පිටක සම්ප්‍රදායෙන් දහම් දෙසීම ද සිදු කරන බවත් ය. මෙහි දී අනුශ්‍රවයේ පැතිකඩ හතරක් දක්වා තිබේ.


අධි වෙසක් අමාවක

මැයි. 16 සෙනසුරාදා පූ.භා. 05.13න් අමාවක ලබා 17 ඉරිදා පූ.භා. 01.31න් ගෙවේ.
16 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 16

First Quarterපුර අටවක

මැයි 23  

Full Moonපසළොස්වක

‍මැයි 30 

Second Quarterඅව අටවක

‍‍‍ජුනි 08   


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]