ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ අධි වෙසක් අව අටවක පෝ දා 2026 මැයි 09 සෙනසුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
නීරෝගිකම සෑම මනුෂ්‍යයකුට ම අවශ්‍ය බව කිවයුත්තක් නො වේ. ලෙඩක් වූ විට එයට ප්‍රතිකාර කරන්නට වෛද්‍යවරයන් සිටිය යුතු ය. ආරෝග්‍යශාලා ද තිබිය යුතු ය. නීරෝගි වීම් සඳහා වෛද්‍යවරුන් වැඩි කිරීමත්, ආරෝග්‍යශාලා විවෘත කිරීමත්, හරියට හේතුව තිබිය දී ඵලය නැති කිරීමට උත්සාහ කිරීමක් වැනි ය. අප අතර ඇති රෝගයන්ගෙන් වැඩි කොටසක් අපේ ම වරදින් සැදුණු බව ඒ ගැන කල්පනා කළොත් තේරී යයි. එදිනෙදා පැවැත්ම ගැන සමාජය කිසිම සැලකිල්ලක් නො දක්වයි. විශේෂයෙන් ම ක්ෂය රෝගය, මහාමාරිය, වසූරිය, පැපොල, සරම්ප වැනි රෝගයන් පැතිරී යන්නේ අපේ නො සැලකිල්ල නිසායි. මනුෂ්‍යයාට නීරෝගිකම තරම් වටිනා දෙයක් නැති බවට ආරෝග්‍යා පරමා ලාභා යනුවෙන් බුදුරජාණන් වහන්සේ වදාළහ. එපමණක් නොව ත්‍රිපිටකයේ නොයෙක් තැන්වල සෞඛ්‍යය රැක ගන්න විධි ද සඳහන් කොට තිබේ. උන්වහන්සේ මේ සඳහා විනය නීති රාශියක් ද පැනවූහ. බෞද්ධ සාහිත්‍යයෙහි විසිරී පවත්නා ඒ නීති හා අදහස් එක්රැස්කොට ගෙන මෙහි පළ වන්නේ ය. ප්‍රධාන වශයෙන් මානසික රෝග සහ ශරීරික රෝග. මේ ආකාරයට රෝග කොටස් දෙකක් ඇත්තේ ය. මේ දෙවර්ගයේ ම රෝගයන්ට ප්‍රතිකාරත්, ඒවා වළක්වා ගන්නා ක්‍රමත්, බෞද්ධ සාහිත්‍යයෙහි ප්‍රකට ය. මානසික රෝග විවිධ වෙයි. දැනට ප්‍රකට මානසික රෝගවලට පමණක් පිළියම් කරන වෛද්‍ය ක්‍රම හා ආයතන ද ඇත්තේ ය, එහෙත් සැඟවුණු එබඳු රෝග මිනිස් සිත්වල කිඳා ගොස් සිටින අය සියයට හතලහක් පමණ විය හැකිය. මේ මානසික රෝග වරින්වර මතු වීම නිසා බය, තැතිගැන්ම, තිගැස්සීම ඇති වේ. බුද්ධ වචනය අනුව නම්, පුහුදුන් සෑම පුද්ගලයකු ම මානසික රෝගියෙකි. අපි එතරම් ගැඹුරට ම නො බසිමු. මානසික රෝග සෑදීමේ ප්‍රධාන හේතුව පරිසරය හා වැරදි කල්පනාවයි. මේ රෝග වළක්වාගන්නා ක්‍රම සූත්‍ර පිටකයෙහි නොයෙක් තැන්වල සඳහන් වී ඇත්තේ ය. මෙහි සඳහන් වන්නේ ශාරීරික සෞඛ්‍යය රැක ගන්නා විධියයි. නීරෝගි ජීවිතයක් ගත කරන්නට සතුටු සෑම මනුෂ්‍යයකු ම පිරිසුදු ජලය පාවිච්චි කළ යුතුයි. ජලය පිරිසුදුව තබා ගැනීමට අවශ්‍ය බව බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වන්නේ ය. භික්ෂුන් වහන්සේගේ පාවිච්චිය සඳහා පෙරහන් කඩක් බුදුරජාණන් වහන්සේ අනුමත කළහ. ඒ සඳහා “අනුජානාමි භික්ඛවෙ පරිස්සාවනං” යනුවෙන් විනය නීතියක් ද පනවා වදාළහ. මේ පෙරහන භික්ෂුන් වහන්සේට පමණක් නොව ගිහි පින්වතුන්ට ද සුදුසු ය.
මැයි 09 සෙනසුරාදා අ.භා. 02.01න් අව අටවක ලබා 10 ඉරිදා අ.භා. 03.03න් ගෙවේ. 09 සෙනසුරාදා සිල්
අව අටවක
මැයි 09
අමාවක
මැයි 16
පුර අටවක
මැයි 23
පසළොස්වක
මැයි 30
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]