කුලදරුවන් දෙදෙනෙක් පැවිදි බිමට
ලබුකැලේ, පලාගොල්ල පදිංචි විතානසිංහ මුදියන්සේලාගේ මිලාන ඩිල්හාර මහතාගේත්,
හපුහින්නේ කරුණාධිපති ඉරේෂා දිවාරත්න මහත්මියගේත්, දයාබර පුතු වන දෙනෙත් රොෂාන්
ඩිල්හාර කුල කුමරුවා සහ මැදිරිගිරියේ මහ අඹිගස්වැව, මහසෙන්ගම, යාය 09 පදිංචි
දිමිකොටුවේ හේරත් මුදියන්සේලාගේ උපුල් ඉන්දික හේරත් මහතාගේත්, කළුහෙන්ගෙදර සංජීවනී
සඳරේඛා ජයවර්ධන මහත්මියගේත් දයාබර පුතු ෂස්මිත හිරණ්‍ය හේරත් කුල දරුවා (30 වැනිදා)
මහනුවර ඓතිහාසික අස්ගිරි මහා විහාරීය මංගල උපෝසථාගාරයේ දී
වරකාගොඩ ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ අස්ගිරි විහාර
පාර්ශ්වයේ ශ්‍රීමත් මහානායක මාහිමිපාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් ද, අස්ගිරි මහා
විහාරවාසි කර්මාචාර්ය ගම්පොළ, ඇත්ගාල ශ්‍රී දක්ෂිණාරාමාධිපති මහනුවර ශ්‍රී සංඝරාජ
මහා පිරිවෙණේ ආචාර්ය රාජකීය පණ්ඩිත දර්ශනශූරි මැණික්හින්නේ රතනසාර හිමිපාණන්
වහන්සේගේ ආචාර්යත්වයෙන් ද සසුන් ගත කිරීමට නියමිත ව තිබුණි. |