කඩුගොඩ පුරාණ විහාරයේ ගුණ සමරු පින්කමක්
කඩුගොඩ පුරාණ විහාරාධිපති ව වැඩ විසූ මීට වසර 33කට පෙර අපවත් වී වදාළ අලුපොත
පඤ්ඤානන්ද හිමියන්ගේ ගුණ සැමරුම නිමිත්තෙන් අද (01) දින කඩුගොඩ පුරාණ විහාරයේදී සීල
සමාදාන වැඩසටහනක් පැවැත්වේ.
එහිදී මැදිරිගිරියේ විමලානන්ද නාහිමි, පහලව ඥානරතන නාහිමි සහ කනන්පැල්ලේ සුමනනන්ද
හිමි විසින් ධර්ම දේශනා පවත්වන අතර, සවස විශේෂ බෝධි පූජාමය පින්කමක් ද පැවැත්වේ. |