මහනායක ධුරයෙන් පිදුම් ලැබූ
වල්පොල විමලඥාන නා හිමියෝ
අමරපුර අරියවංශ සද්ධම්ම යුක්තික මහානිකායේ අභිනව මහා නායක ධුරයට පෑලියගොඩ ගංගාරාම
මහා විහාරාධිපති, විශ්ව භාෂා විශාරද වල්පොල විමලඥාන නාහිමියෝ පත්වෙති.
කඩවත, පුවක්වැටිය ශ්‍රී සුනේත්‍රාරාම මහා විහාරස්ථානයේ දී ඉකුත් දා පැවැති එම
නිකායේ ශ්‍රී සුමන ජෝති කාරක සංඝ සභාව මඟින් ඒකමතිකව උන්වහන්සේ එම පදවියට තෝරා පත්
කර ගන්නා ලදී.
එම නිකායේ අනුනායක ධුරය හොබවමින් සිටි උන්වහන්සේ නිකායේ වැඩ බලන මහානායක හිමියන්
ලෙසද කටයුතු කළහ. |