Print this Article


විද්‍යාශාන්ති මහා පිරිවෙනේ සංස්කෘතික මංගල්‍යය

විද්‍යාශාන්ති මහා පිරිවෙනේ සංස්කෘතික මංගල්‍යය

පිළියන්දල බක්මහ පෙරහර හෙවත් විද්‍යාශාන්ති මහා පිරිවෙනේ සංස්කෘතික මංගල්‍යය පසුගිය 25 වැනි දා අතිඋත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

 

සංස්කෘතික උරුමය සහ ආගමික ආශිර්වාදය කැටි වු මහා සංස්කෘතික මංගල්‍යයක් වන පිළියන්දල විද්‍යාශාන්ති පිරිවෙන හෙවත් පුංචි කිරිවෙහෙර බක් මහ පෙරහර හතර වැනි වරටත් මෙලෙස පැවැත්විණි. සමගිය, සහජීවනය සහ සශ්‍රීකත්වය කැටිවූ මේ මංගල්‍යය ආගමික සංස්කෘතික ප්‍රබෝධය ඔප්නැංවීම මූලික කරගෙන සංවිධාන කළ බව මේ බක්මහ පෙරහර සංකල්පයේ නිර්මාතෘ, විහාරාධිකාරී වැල්ලවත්තේ පඤ්ඤාසිරි අනුනාහිමියෝ පැවසූහ. අලි ඇතුන් 25කින් සහ සාම්ප්‍රදායික නර්තනාංග 35කට අධික සංඛ්‍යාවකින් මේ බක්මහ පෙරහර අලංකාරවත් විය.