ලෝකයට මෙත් සිතින් සාමයේ පා ගමන
රමණී සුබසිංහ
තණ පතක අග රැඳි පිනි බිඳුවක ආයුෂය තරමින්වත් ඇදහිය නොහැකි මේ ජීවිතයේ අවසන් හුස්ම
පොද ඊළඟ තත්පරයේ ගිලිහී යා දැයි කාට නම් කිව හැකිද?
ඒ සා අනියත ලොවක ධනයට, බලයට, නිලයට ලොබ බැඳ වෛරයේ, ද්වේෂයේ ගින්නෙන් අනුන් දවන්නට
දරන තැත මොන තරම් අනර්ථ ද?
ගඟේ පාව යන ඇත්කුණට ලොබ බැඳි කපුටා කුණු රසයෙහි ම ගිලී ඇත්කුණ සමඟ ම මහ සයුරට වැද
වැනසී යන්නේ ය. කෙලෙස් ගින්නෙන් අන්ධ මිනිස් ලෝකයට සිදුව ඇත්තේ ද ඒ ව්‍යසනය ම ය.
තමන් තුළ නොසොයන සතුට, සාමය අනුන්ගෙන් උදුරා ගන්නට ඔවුහු බොහෝ අනුවණකම් කරති.
වෛරයෙන්, ද්වේෂයෙන් ආතුර ඒ වැනි මිනිසුන්ට දිය හැකි ප්‍රත්‍යක්ෂ ඖෂධය තථාගත
බුදුපියාණන් වහන්සේගේ අමා ධර්මය යි. ඒ උත්තම දහම රැගෙන ලොවට සාමය ප්‍රාර්ථනා කරමින්
වියට්නාම ජාතික පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේ අමෙරිකාවේ දී
සාමයේ පා ගමනට එක්වූහ.
ලොව ම අවධානය දිනූ ඒ සතිමත් පා ගමන ඇසූ දුටුවන්ගේ හදවත් තෙත් කළ අයුරු අපි
දුටුවෙමු.
සාමයේ පා ගමන දකින්නට මං මාවත් පුරා පෙළගැසුණු මිනිසුන්ගේ දෑසින් වැටුණු කඳුළු
නිහඬව ම කීවේ තමන්ට ඇවැසි යුද්ධය නොව සාමය බවයි.
මෙත් සිතිවිලි, සාමයේ සිසිලස අවැසි මිනිසුන්ට පමණක් නොව සතා සිවුපාවුන් ආතුළු ජීවී
පරිසරයට ම බව උන්වහන්සේ සමඟ සාම පා ගමනට එක් වූ, සත්ව ලෝකයට නව අර්ථයක් දුන් ආලෝකා
නම් සුනඛයා දුන් පාඩමයි.
ලක් දනන් සිත් අමන්දානන්දයට ගෙන යමින් මීට දින කිහිපයකට පෙර පඤ්ඤාකර ස්වාමීන්
වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේ ‘ඒහිපස්සිකෝ’ සාමයේ පා ගමන උදෙසා මෙරටට වැඩම කළහ.
“අපි හැමෝම ඉන්නේ බාහිර ලෝකය පසුපස දුවන මහා හදිසියක. අපිට අපේ හුස්ම වැටෙන හැටි
දකින්න, අපේ හදගැස්ම ගැන හිතන්න වෙලාවක් නෑ. ඕනෑම දේකට ඉක්මනින් කේන්ති ගන්නවා.
ප්‍රතිචාර දක්වනවා. ඒකෙන් වෙන්නේ අපි තවත් දුක් විඳින එකයි. ලෝකයට වෛරය පැතිරවීමයි.
ඒ තුළ සොබා දහමෙන් අපිට ලැබෙන්නේ විනාශය යි. ඒ නිසා අපි හැමෝම තැන්පත් වෙමු. තමන්ගේ
ඇතුළාන්තය ගැන සිතමු. එවිට ලෝකය මීට වඩා ලස්සන තැනක් වේවි. එය හරිම සරල යි. අපි
හැමෝම ඒ වෙනුවෙන් එක්වෙමු.”
පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ලක්වැසියන්ට ආමන්ත්‍රණය කළේ එලෙසයි.
ඉතිහාසයේ ප්‍රථම වතාවට අමෙරිකාවට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුර බෝධින් වහන්සේ
නමක් වැඩම කරවීම ද ‘සාම පාගමනේ’ සුවිශේෂත්වයකි. රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සිදු වු
ඒ මහා පුණ්‍යෙීත්සවය ඉතිහාසයේ රන් අකුරින් ලියවෙනු ඇත.
|