යුදඟනාව ඇසළ පෙරහරට
උදව් කළ අය ඇගයේ

2025 බුත්තල ඓතිහාසික යුදඟනාව රාජමහා විහාරයේ ඇසළ පෙරහර මංගල්‍යය සාර්ථකව නිම
කිරීමට උපකාර කළ පිරිස් ඇගයීමේ උත්සවය පසුගිය 28 වැනි දා බුත්තල ප්‍රාදේශීය ලේකම්
කාර්යාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
මෙහිදී ඔවුන් කළ මෙහෙවර ඇගයීමට සහතික පත් ප්‍රදානය කෙරිණි.
මෙහිදී යුදඟනාව ඇසළ පෙරහරේ බස්නායක නිලමේ සතර දේවාල නිලමේවරුන්, පෙරහර
තනතුරුලාභීන්, අනුග්‍රහය දැක්වූ ව්‍යාපාරිකයන්, දේශපාලනඥයන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු
ඇගයීමට ලක් වූහ.
මේ අවස්ථාවට යුදඟනාව විහාරාධිපති, ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක
ගල්ටැම්වත්තේ නන්දරතන නාහිමි ප්‍රධාන මහා සංඝ රත්නය සහ ගිහි පිරිසක් සහභාගී වූහ.
ඌව වෙල්ලස්ස විශේෂ - ඩී.එස්. ගුණතිලක |