Print this Article


ලේල්වල සමිත නාහිමියන්ට ගෞරව නාමයක්

ලේල්වල සමිත නාහිමියන්ට ගෞරව නාමයක්

ගාල්ල, යටගල රාජමහා විහාරය, රුහුණු මාගම, සිතුල්පව්ව රාජමහා විහාරය, රුහුණේ මඟුල් මහා විහාරය, ඓතිහාසික ආකාසචේතිය රාජමහා විහාරය, දෙහිවල ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතන විහාරය ප්‍රමුඛ තදනුබද්ධ එකොළොස් මහා විහාරාධිපති, කොළඹ නාලන්දා විද්‍යාලයේ හිටපු ධර්මාචාර්ය, ශාස්ත්‍රපති ලේල්වල සමිත නාහිමියන්ට “සද්ධර්ම කීර්ති ශ්‍රී රතනසාර” ගෞරව නාම සම්මුතිය සහිතව දක්ෂිණ ලංකාවේ සමථබලසම්පන්න ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය පිරිනමා ඇත. ඒ පිළිබඳ ශ්‍රී සන්නස්පත්‍ර ප්‍රදානෝත්සවය මේ මස 20 වැනි දා මහනුවර මල්වතු මහාවිහාරයීය රාජාධිරාජපූජිත මංගලෝපෝසථාගාරයේ දී පැවැත්වේ.