කොක්මාදුව ශ්‍රී පූර්වාරාමයේදී පින්කම් මාලාවක්
ශාස්ත්රපති ඉන්දසාර නාහිමි
වැලිගම, කොක්මාදුව ශ්‍රී පූර්වාරාම විහාරස්ථානයේ විහාරාධිපති ව වැඩ සිට අපවත් වී
වදාළ තෙල්ලඹුරේ ශ්‍රී සීලානන්ද හිමි, තෙල්ලඹුරේ ශ්‍රී අරියවංස නාහිමි, කොක්මාදුව
ශ්‍රී සරණපාල නාහිමි, ගලතරේ ශ්‍රී සෝමරතන හිමි, කොක්මාදුව ශ්‍රී අරියකිත්ති නාහිමි
සහ මියගිය දායක දායිකාවන්ගේ ගුණ සැමරීමට පවත්වන පින්කම් මාලාවක් හෙට 02 වැනිදා සිට
05 වැනිදා දක්වා පැවැත්වේ. දිනපතා බුද්ධ පූජා, ධර්ම දේශනා පවත්වා 05 වැනි දින දවල්
සඟ සතු දානමය පින්කමක් පැවැත්වේ. |