Print this Article


පුණ්‍යානුමෝදනා පින්කම් මාලාවක්

නව වසරේ ශ්‍රී ලංකික ජනතාවට සෙත් පැතීමටත්, දිට්වා සුළි කුණාටුවෙන් මිය ගිය ජනතාවට පුණ්‍යානුමෝදනා සිදු කිරීමටත් කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් ඇතුළු සේවක මණ්ඩලයෙන් සංවිධානය කළ සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් හා සාංඝික දානමය පින්කමක් පසුගියදා එම කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්විණි.