බිබිල ශ්‍රී බෝධිරුක්ඛාරාමයේ දී ඉෆ්තාර් උත්සවයක්
ඉස්ලාම් බැතිමතුන්ගේ දෛනික රාමසාන් උපවාසය අත්හැරීමේ ඉෆ්තාර් උත්සවයක් බිබිල ශ්‍රී
බෝධිරුක්ඛාරාම විහාරයේදී පසුගිය 05 වැනි දා සිදු කරනු ලැබූ අතර, එය මෙරට බෞද්ධ
විහාරස්ථානයක ඉෆ්තාර් උත්සවයක් පැවැත්වූ පළමු අවස්ථාව ද වේ.
මේ අවස්ථාවට ඉස්ලාම් බැතිමතුන් සියයකට වැඩි පිරිසක් සහ බෞද්ධාගමිකයන් විශාල පිරිසක්
ද සහභාගි වූහ.
බිබිල වෙළෙඳ සංගමය විසින් මෙම උත්සවය සංවිධානය කර තිබූ අතර, දොඩම්ගොල්ලේ සෝරත
හිමියන් විසින් පැමිණ සිටි පිරිස ශීලයෙහි පිහිටුවන ලදී.
ඩී.එස්. ගුණතිලක -
ඌව වෙල්ලස්ස විශේෂ |