Print this Article


 මාපාකඩ පේමරතන හිමිපාණන් වහන්සේ අධිකරණ සංඝ නායක පදවි ලබති

 මාපාකඩ පේමරතන හිමිපාණන් වහන්සේ අධිකරණ සංඝ නායක පදවි ලබති

සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ ඌව පළාත් ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවියට දකුණු පළාත් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්),මොනරාගල කටුගහගල්ගේ රාජමහා විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත මාපාකඩ පේමරතන හිමි පත්කොට ඇත.

එම ධුරයේ කටයුතු කළ මාලිගාවිල රජ මහා විහාරාධිපති උණපානේ චන්ද්‍රජෝති හිමියන් අපවත් වීමෙන් පසු පුරප්පාඩු වූ එම තනතුරට උන්වහන්සේ මෙලෙස පත්කොට තිබේ.

නායක පදවිය සඳහා වූ පත්වීම් ලිපිය මල්වතු මහා නායක හිමිපාණන් වහන්සේ විසින් උන් වහන්සේ වෙත පසුගියදා මල්වතු මහා විහාරස්ථානයේ දී පිරිනමන ලදි.