ආචාර්ය දරමිටිපොල රතනසාර මාහිමිපාණන් වහන්සේ
වර්ෂ 1924 ජූලි 17 දින උපත ලැබූ දරමිටිපොල රතනාසර මාහිමි වර්ෂ 1938 ජූලි මස 11 වැනි
දා පැවිදි වූ අතර, මල්වතු මහා විහාරයීය මංගල උපෝසථාගාරයේ දී අධිසීල ලැබූහ.
සමාජ අසාධාරණය, වංචාව හා දූෂණය දුටු තැන ඒවාට එරෙහි ව අභීතව නැඟීසිටීමේ උදාර
ගුණයෙන් යුතු වූ, අභිමුවට පැමිණි කිසිදු විරුද්ධ බලවේගයකින් නොසැලුණූ ආචාර්ය
දරමිටිපොල රතනාසර මාහිමි ශ්‍රී ලාංකේය ථෙරවාදී භික්ෂු පරපුරේ අද්විතීය ශ්‍රී නාමයක්
තැබූ කීර්තිධර මහා යතිවර නමකි. ජාතික ආපදාවක දී එය සංසිඳවීම සඳහා මූලිකත්වය ගෙන
නොපැකිලිව අදහස් ප්‍රකාශ කිරීමේ ශක්තිය දරමිටිපොල මාහිමි කෙරෙහි පැවති සුවිශේෂී
ගුණාංගයක් විය.
ස්වකීය ජීවිතයට වඩා මහජන සේවයෙහි අගය දුටු උන්වහන්සේ වර්තමාන භික්ෂු පරපුර අතර
ජාත්‍යාලය හා දේශමාමකත්වය වගාකරලීම සඳහා ආදර්ශවත් පෙරගමන්කරුවකු ලෙස ක්‍රියා කළ
ආකාරය බෙහෙවින් ම ප්‍රශංසනීය වේ.
වර්ෂ 1924 ජූලි 17 දින උපත ලැබූ දරමිටිපොල රතනාසර මාහිමි වර්ෂ 1938 ජූලි මස 11 වැනි
දා පැවිදි වූ අතර, මල්වතු මහා විහාරයීය මංගල උපෝසථාගාරයේ දී අධිසීල සංඛ්‍යාත
සුපරිසුද්ධෝපසම්පදාව ලැබුවේ වර්ෂ 1952 ජුනි 01 වැනි දා ය. අත්‍යුදාර ජාතික, ආගමික,
සාමාජික, සංස්කෘතික හා අධ්‍යාපනික සේවාවන් රැසක් සාමාජීක සංස්කෘතික හා අධ්‍යාපනික
සේවාවන් රැසක් ස්වකීය ජීවිත කාලය පුරාම මැනවින් ක්‍රියාවෙහි යොදවා වර්ෂ 2001 ජනවාරි
මස 06 වැනි දින අපවත් වී වදාළ සේක.
ආචාර්ය දරමිටිපොල රතනසාර මාහිමියනට ඉතා කුඩා අවදියේ පටන් දේශමාමක සිතිවිලි ජනිත
කරවීමට ප්‍රමුඛතම සංසිද්ධිය වූයේ අධිරාජ්‍ය විරෝධී අරගලයේ ලාංකීය භික්ෂු සලකුණ
මැනවින් මූර්තිමත් කළ උඩකැන්දවල සිරි සරණංකර මාහිමි ඇසුරට පත්වීම යි.
මෙරට පාලනය කළ අධිරාජ්‍යවාදීන්ට මෙන්ම ඔවුන්ගේ ගැත්තන් ව සිටි දේශද්‍රෝහීන්ට
විරුද්ධ ව දේශීය හා ජාත්‍යන්තර වශයෙන් දැවැන්ත සටනක් ක්‍රියාත්මක කරවූයේ උඩකැන්දවල
මාහිමි ය. දරමිටිපොල මාහිමි ගුණානුස්මරණය හා සමගාමී ව උඩකැන්දවල මාහිමි
ගුණානුස්මරණය ද පසුගියදා ගම්පහ ජාත්‍යන්තර සාම මහා විහාරයේ දී සිදු කෙරිණි.
ගම්පහ ජාත්‍යන්තර සාම මහා විහාරාධිපති, බස්නාහිර පළාතේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක
තලංගල්ලේ සෝමසිරි නාහිමිගේ අනුශාසනා පරිදි ගිහිපැවිදි රැසකගේ සහභාගිත්වයෙන් ගුණ
සැමරුම් උත්සවය පැවැත්විණි.
-
ඌරුගමුවේ අස්සජි හිමි |