උපේක්ෂාවේ සුවය
එදිනෙදා ජීවිතයේ දී මුහුණ දීමට සිදුවන දුක් කරදර හමුවේ අපි දුකට පත්වෙනවා. සැප,
සතුට ලැබෙන අවස්ථාවල දී සතුටට පත්වෙනවා. මේ අයුරින් සැප, සතුට ලැබෙන අවස්ථාවලත්,
දුක් කරදර ලැබෙන අවස්ථාවලත් මැදහත් සිතින් යුතු ව කටයුතු කිරීම උපේක්ෂාව යි.
උපේක්ෂාව පුරුදු කළ විට දුක් කරදර නිසා පීඩාවට පත් නොවේ.
සැප සතුට නිසා උද්දාමයට
පත් නොවේ. මැදහත් සිතින් ඒ සියල්ල විඳගනී. අපි සියලු දෙනාට මුහුණ දීමට සිදු වී
ඇත්තේ අටලෝදහමට යි. ඒ අටලෝදහම හමුවේ කම්පා නො වන සිතක් ඇති කර ගැනීමට උපේක්ෂාව
වැඩිය යුතු ය. උපේක්ෂාව දියුණුූ කිරීමෙන් ලබා ගන්නා චිත්ත සමාධිය උපේක්ෂා (චේතෝ)
විමුක්තිය යි. එය ද මහග්ගතා අප්පමාන වශයෙන් දෙ ආකාර වේ. උපේක්ඛා චේතෝ විමුක්තිය තුළ
විදර්ශනා වැඩීමෙන් ආස්‍රව ක්ෂය කිරීමේ හැකියාව ඇත. |