|
ඇහැළියගොඩ සාම විහාර පුණ්‍ය භූමිය සහ
ඇහැළියගොඩ ශ්‍රීමත් අනගාරික ධර්මපාල පිළිරූ පරිශ්‍රය
නිමවීම ආදී සත්කාර්යයන්හි දී ඇහැළියගොඩ සාම විහාරාධිපති
ශාස්ත්‍රපති දන්දෙණියේ විපුලසීහ හිමියන්ට ශක්තියක් වෙමින්
උපකාර කළ එස්.ටී. සින්නදුරේ, එස්. සුන්දරලිංගම් ඇතුළු
දිවංගත පින්වතුන්ට පුණ්‍යානුමෝදනා කිරීමේ පින්කමක්
පසුගියදා පැවැත්වුණි. එම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූ
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන
සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමියන්ට ලීලා පංචාංග
චිත්‍ර දින දර්ශනය, එස්. ධනබාලා එස්. රවීන්ද්‍රන් සහ නීතිඥ
මොහාන් බාලේන්ද්‍ර මහත්වරු විසින් පිරිනැමූ අවස්ථාව. |
|
කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය
වාර්ෂිකව පවත්වනු ලබන පිරිත් පින්කම මෙවරත් විදුහල්පති
ජේ.සුමේධා ජයවීර මහත්මියගේ ප්‍රධානත්වයෙන් නියෝජ්‍ය සහකාර
විදුහල්පති, ආචාර්ය මණ්ඩලය, දරු දැරියන් සහ දෙමාපියන්ගේ
සහභාගිත්වයෙන් විද්‍යාලීය පරිශ්‍රයේදී පැවැත්විණි. මහා
සංඝරත්නයට පිරිත් පින්කමට දැහැත් වට්ටිය පුජාකර ආරාධනා
කිරීම විදුහල්පතිතුමිය විසින් සිදු කරනු ලැබිණ. ජායාරුප
- නිශ්ශංක විජේරත්න |