ගුණානුස්මරණ පින්කමක්

ගණිහිමුල්ල ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපතිව වැඩ සිටි රේටියගම විමලසාර නාහිමි අපවත් වීමේ
මස 21 දිනට වසර හයක් (06) සම්පූර්ණ වන අතර ගිණිහිමුල්ල ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපතිව
වැඩසිටි උඩුරාවන ශ්‍රී බුද්ධරක්ඛිත රතනජෝති මේධානන්ද නාහිමි අපවත් වී වසර හතළිස්
හයක් (46) සම්පූර්ණ වේ.
අපවත් වී වදාළ එම ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ සතර පේරුවේ දායක පිනැතියන් ද සිහිපත් කර
පසුගිය 21 සහ 22 දෙදින පින්කම් මාලාවක් ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ දී සිදු
කෙරිණි. අපවත් වී වදාළ ගරුතර නාහිමිපාණන් වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කරමු.
ශාස්ත්රපති කන්දෙකුඹුරේ නන්දසාර හිමි. |