Print this Article


දස ලක්ෂයේ අසිරිමත් මල් පූජා පින්කම සංකල්ප විහාරයේදී

දස ලක්ෂයේ අසිරිමත් මල් පූජා පින්කම සංකල්ප විහාරයේදී

පිළියන්දල මාකන්දන සංකල්ප විහාරයේ වාර්ෂික මල් පින්කම මේ මස 28 වැනි දින උසස් අයුරින් හා අත්‍යාලංකාරයෙන් පැවැත්වීමට විහාරාධිපති කොළඹ සල්පිටි කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක උග්ගොඩ ධම්මින්ද නා හිමියන්ගේ අනුශාසනා පරිදි කටයුතු සම්පාදනය කර ඇත.

32 වැනි වරටත් පැවැත්වෙන මෙම අසිරිමත් පින්කමේ පරිවාර පින්කම් මාලාව, මාර්තු 24 වැනි දින උදෑසන 5.00ට කිරි ආහාර පූජාවෙන් ආරම්භ කෙරේ. එදින රාත්‍රී 7.00ට අටවිසි ගිලන්පස බුද්ධ පූජාව පිළියන්දල සරණ හිමි විසින් පැවැත්වනු ලැබේ.

මල් භාරගැනීමේ කාර්යාලය (28 වැනි දින) පෙරවරු 7.00 සිට විහාරස්ථානයට පිවිසෙන ප්‍රධාන දොරටුව අසල ක්‍රියාත්මක වේ.

මෙම පින්කමේ සංවිධාන කටයුතු සංකල්ප විහාරයීය දායක සභාව, සංකල්ප දහම් පාසල, සංකල්ප විහාරස්ථ සංවිධාන එකමුතුව විසින් සිදු කරනු ඇත.