මැදින් පෝ දා

සිදුහත් බෝ සතුන් බුදු වී වෙසක් දින
පස්වග මහණ වෙත දෙසුවා මඟුල් බණ
ආරංචිය ලැබී ගෞතම බුදුන් ගැන
සුදොවුන් පිය රජුට සතුටකි කරුණු දැන
ලබා මහණකම රජ පිරිස ද එක්ක
පවසා පණිවිඩය හදවත තුළ රැක්ක
බිඳහැර දමන්නට රජ හද තුළ දුක්ඛ
කිඹුල්වතට වැඩියා බුදු හිමි එක්ක
තුරු මත පිපි කුසුම් නලවැල් සුවඳ දිදී
මානය බිඳින්නට පෙළහර ගුවන රැඳී
මගඵල සුවය නෑයන් වෙත ලබා දිදී
වෙසතුරු ජාතකය බුදුහිමි දෙසන ලදී
කැස්බෑවේ මුණසිංහ නිශ්ශංක |