Print this Article


සිහියට නඟයි එදවස දුටු විසිතුර...

සිහියට නඟයි එදවස දුටු විසිතුර...

සම්බුදු සමිඳු ගෞතම අපේ මුනිඳු
බුදුවී ලොව්තුරා අටමසකින් පසිඳු
උරුවෙල් දනව්වේ දුරලා අවිදු අඳු
දමනය කළේ ජටිලයො දුරුකර අඳු

සිදුහත් කුමරු ගිහිගෙය හැර යන මඟට
හමුවුණු නිරිඳු එදවස සිටි මගධ රට
බුදු වී පසුව වඩිනා ලෙස සිය රටට
බිම්බිසාර රජු කීවේ බෝසතුට

ලැබු පසු බෝසතුන් පදවිය සම්බුදු
වැඩියා මගධරට සිහිකර යළිදු
දෙව්රම් වෙහෙර කරවා මහ නරනිඳු
දුරුතු පොහෝ දා පිදුවා සසුනට බුදු

අමෝරා සිටිද්දි යක්දන නෙක නෙක අවි
දමනය කරන්නට යෙදුවේ බුදු සමිඳු සවි
මහාමේඝ අකුණු ද වැසි පෙළට මැවි
බියවුණු යකුන් දිව්වා ගිරිදිවට නැවි

මහියංගණේ යක් සේනා දමනයට
වැඩි දා බුදුහිමි මේ හෙළදිවට
සමන් සුරිඳු වැඳ බුදු සමිඳුන්ට
ලැබුවේ කේශධාතුන් වැඳ පුදන්නට