Print this Article


෴පෝදා පින්කම්෴


බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන

පෙරවරු 6.00 - 7.00 සීල සමාදානය හා අනුශාසනාව, 7.00 - 7.30 තෙරුවන් වන්දනාව, 8.15 - 10.00 භාවනාව 10.00 - 11.00 ධර්ම දේශනය, 11.00 - 11.30 තෙරුවන් වන්දනාව උදෑසන වැඩසටහන් මෙහෙයවීම ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමි. පස්වරු 12.30 - 1.00 සූත්‍ර සජ්ඣායනය, 1.00 - 2.00 ධර්ම දේශනය දෙල්වල සරණසිරි හිමි, 2.00 - 3.30 ධර්ම සාකච්ඡාව කිරිවත්තුඩුවේ අරියදස්සි හිමි, 4.00 - 5.00 ධර්ම දේශනය නෙළුවාකන්දේ ඤාණානන්ද හිමි, රාත්‍රි 7.00ට අටවිසි බුද්ධ වන්දනාව.

සිරි වජිරඤාණ ධර්මායතනය - මහරගම

වැඩිහිටි සීල සමාදානය

පෙරවරු. 6.00 - 7.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව ත්‍රිපිටකාචාර්ය මලංගම පඤ්ඤාසාර හිමි, 8.00 - 9.00 භාවනාව රාජකීය පණ්ඩිත දිගාමඩුල්ලේ විමලානන්ද නා හිමි, 9.00 - 10.00 ධර්ම දේශනය රාජකීය පණ්ඩිත උඳුගොඩ සිද්ධත්ත හිමි, 10.00 - 11.00 ධර්ම දේශනය (සමන්ත පට්ඨාන) ත්‍රිපිටකවේදී හඳපාන්ගොඩ ධම්මරංසි හිමි, 11.00 - 11.15 බුද්ධ පූජාව කෙත්හේනේ සමාධිනන්ද හිමි සහ ගලිඳකන්දේ සුනීතධීර හිමි, පස්වරු 12.20 - 1.00 පිරිත් හා තෙරුවන් ගුණ කන්තලේ කෝලිත තිස්ස හිමි, කරුවලගස්වැව සාසනධම්ම හිමි, 1.00 - 2.00 ධර්ම සාකච්ඡාව ජ්‍යෙෂ්්ඨ කථිකාචාර්ය ආචාර්ය මඩිහේ සුගතසිරි හිමි, 2.00 - 3.00 ධර්ම දේශනය දියතලාවේ පියදස්සි හිමි, 3.00 - 3.45 ධර්ම දේශනය කොබෙයිගනේ ධම්මදස්සි හිමි, 4.00 - 5.00 ධර්ම දේශනාව අම්බලන්ගොඩ ගල්දූව ආරණ්‍ය සේනාසනාධිපති කහගොල්ලේ සෝමවංස නාහිමි, 5.00 - 6.00 ධම්මපදය විනයාචාර්ය මැණික්බෝවේ දීපාලෝක හිමි, 6.00 - 6.30 බෝධි පූජාව සහ සිල් අලුත් කිරීම රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති හක්මන සුමනසිරි හිමි.